හමා එන සුලගේ අමුතුම නැවුම් බවක් පිරිලා තිබුනා..හරියට සුවදින් මල අදුරගන්න බැරි වෙන තරමට කැලේ ගස්වල පිපිලා තියන හැම මලේම සුවද ඒ සුලගට මුසු වෙලා තිබ්බා.. තාමත් ඉර එලිය වැටිලා නැති සුදුපාට වැලි සහිත අඩිපාර දිගේ උදෑසන පිනි තැවරුනු සීතල සුලගේ පහස විදිම්න් මම වැව දෙසට හෙමිහිට ඇවිදගන ගියා.. යාන්තමට හිරු එලිය වැටීගෙන එන වැවේ රතු ඕලු මල් හිස උස්සමින් තරගෙට හිරු රැස්වල පහස සොයනවා... පෙර දින අව් රශ්මියෙන් රත් වී ඇති වැවේ වතුර පරිසරයේ ඇති සිසිල් බව නිසා දුම් දමමින් ඇල් මැරී යන්නට වුනා.....වෙනදා මෙන් මහා කලබලකාරි බවක් මගේ හිතේ නැති නිසා පුදුමාකාර නිදහසක් හිතට දැනුනේ... ඇදන් හිටිය සරම කෙටි කරලා ඇදගෙන වැවේ මණ්කඩේ ඇති ගලක වාඩි වෙලා කකුල් දෙක තාමත් උණුහුමට තියට වතුරට දාගෙන මොහොතක් මේ සුන්දර බව විදගන්නට උත්සහ කලා...මොහොතකින් සරම නෙතෙමෙන සේ වතුරට බැහැගෙන වතුර මතු පිට පාවෙන රොඩු දෑතින් දෙපසට කර උණුසුම් වතුරෙන් මුහුන හොදගත්තා... වම් අතේ වළලු කරේ සිට වැලමිට හරියට වන තෙක්ම ලගින් ලගින් දිස්වන තියුනු තල පහරකින් කැපි ගිය තුවාල කැලැල් දකින විට වෙනදා මෙන් හිත දුකෙන් පිරෙනවා වෙනුවට මට නිකම්ම හිනා ගියා....හුදකලා නිහඩ පරිසරය දෙවනත් කරමින් මම මටම හිනා වෙන්න උනා.....
"අයියෝ මම වගේ මෝඩයෙක්"
ජිවිතයේ දි මා ගත් බොලද තීරණ ගැන සිතමින් මා කෑගසා මගේ ආත්මයටම හිනා වුනා...... මගේ හිත ටිකෙන් ටික අතීතයට ඇදිගියා.....
*****************
අපේ තාත්තා නැති වෙන කොට මට හරියටම අවුරුදු 15යි... ජිවිතේ කොල්ලෙකුට තාත්තා කෙනෙක් ඕනම කරන වයසෙදිම එයා අපිව දාලා මේ ලෝකෙන් යන්න ගියා... අම්මා මාවයි නංගිවයි පුංචිලා දිහා නතර කාරලා රට ගියා.. ඔය අතරෙදි තමයි අම්මා එවපු සල්ලි වලින් පුංචි අපේ ගෙදර හදන්න පටන් ගත්තේ... ගෙදර හදපු බාස්ට අත් උදවු දෙන්න හිටියේ ලස්සන ගෝලයෙක්... එහෙම නැත්නම් ගෝල අයියා කෙනෙක්... මගේ හිතටත් හොරා මම ඒ අහිංසක ඇස් දෙකට ඇදිලා යන්න ගියා... බාස් නැති වෙලාවට මම එයාට පොඩි වැඩක්වත් කරන්න දෙන්නේ නැතිව හැම වැඩක්ම මම කරා... අනේ මන්දා ඒ ආදරයටද ආකර්ශනයටද කියලා හිතාගන්න බෑ... ඒත් අවසානේ හැමදේම කෙලවර වුනේ යන්න ඕන උපරිම දුර ගිහින්.... ඒ දවස් වල ගත වෙච්ච හැම මොහොතකම හැම සිතුවිල්ලකම හිටියේ එයා... ඒත් අපේ හිත් රැදෙන තැන් වල අපි ආදරය කරන අයගේ හිත් නරත වෙන්නේ නැත්තේ ඒක උන්ගේ අවාසනාවද නැත්නම් අපේ අවාසනාවද කියලා මට හිතා ගන්න බෑ... ගෙදර වැඩ ඉවර වෙන කොට අපේ බැදිමත් ඉවර වෙයි කියලා මම හිතුවේ නෑ.... ඒත් ඒදේ එහෙම්ම උනා...