Chapter 03

957 164 15
                                    

Next day...

ටේහ්‍යුන්ග් අදත් උදේම ලෑස්ති වෙලා ගෙදරින් එලියට ආවේ ඔෆිස් යන්න.වැඩට ගිය පලවෙනි දවසෙ වගේ කිසිම වැඩක් නොකර පුංචී සූ එක්ක හුරතල් වෙලා සැලරි එක ගන්න පුලුවන්නම් කොච්චර හොදද කියලා හිතන ගමන් කැබ් එකට නැග්ගේ JJK company එකට යන්න.

ටේහ්‍යුන්ග් විනාඩි විස්සක කාලයක් ඇතුලත් company එකට ආවා.එයාට මුණගැහෙන හැමෝටම එයාගේ boxy හිනාවෙන් හිනාවෙලා ආචාර කරන ගමන් එයා ජංකුක්ගේ කැබින් එකට ආවා.

"ඇයි තාම නැත්තේ"

ටේ එයා චෙක් කර කර හිටපු ෆයිල් එක පැත්තකින් තියලා කල්පනා කරේ දැන් වෙලාව 9.30 වෙලා නිසා.අනික අද 10 වෙද්දි ජංකුක්ට මීටින් එකකුත් තියන නිසා ටේ හිටියේ ටිකක් කලබල වෙලා.

Dug!

කැබින් එකේ දොර පැත්තට ටේ හැරුනේ ගොඩක් සතුටින් ඒත් ඉතින් ඒ සතුට නැති වෙලා ගියේ ජංකුක් විතරක් ආපු නිසා.අද සූ බබා නෑ.ටේ එයා ඉන්න තැනින් නැගිටලා ජංකුක්ගේ මේසේ ඉස්සරහට ගියා.

"Good morning sir"

"Good morning.මන් එන්න ටිකක් පරක්කු උනා අද මොනවහරි මීටින්ස් තියනවද?"

"එකක් තියනවා සර්"

"කීයටද?"

"10ට"

"ඒක කැන්සල් කරන්න."

"ඒත් ස.."

"කියපු දේ කරන්න ටේහ්‍යුන්ග්!"

ජංකුක් සද්දෙන් කියද්දි ගැස්සුන ටේහ්‍යුන්ග් ඉක්මනින් ගිහින් ටැබ් එක අරන් meeting එක cancel කරා.

"ටේහ්‍යුන්ග් මට කොෆි එකක් ගෙනත් දෙන්න"

"ok sir"

ටේ කැබින් එකෙන් එලියට ආවේ දෙයක් කල්පනා කරමින්.ජංකුක්ගේ අද මුහුණ හරිම මහන්සි පාටයි.ඇස් යට පවා අදුරු වෙලා හරියට නිදාගෙන නෑ වගේ.ඇනික ටේ දන්න විදිහට සූව බලාගන්න නැනී කෙනෙක්වත් ජංකුක් අරන් නෑ ඒනම් කා එක්කට සූ ඉන්නේ.ටේ හිතමින් කොෆි කප් එකත් අරන් ඇවිත් ජංකුක්ගේ මේසේ උඩින් තිබ්බා.

"ස්-සර්"

"ම්ම්"

ජංකුක් ලැප් එකෙන් ඔලුව උස්සලා ටේ දිහා බැලුවා.

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now