Chapter 10

713 125 7
                                    

"එන්න මැඩම් ඇතුලට"

"මගේ පුතාගේ ගෙදරට එන්න කාගෙන්වත් අවසර ඕනේ නෑ."

Mrs.jeon සමච්චලේට කියද්දි ටේහ්‍යුන්ග් අසරනව හිනාවෙලා කුස්සියට ගියා.ඔව් ඇවිල්ලා හිටියේ වෙන කවුරුත් නෙවෙයි ජංකුක්ගේ ඔම්මා වගේම එදා ඔෆිස් එකේදී හම්බවුන ජංකුක්ගේ Secretary Lee Sunmi.

"මගේ චූටී කෙල්ල"

ජංකුක්ගේ ඔම්මා මැට් එකේ වාඩි වෙලා සෙල්ලම් කරන සූව වඩාගෙන සෝෆා එකෙන් වාඩි උනේ සූ මූණ ඇඹුල් කර ගනිද්දි.

"මැඩම්..."

කුස්සියේ ඉදන් බීම වීදුරු දෙකක් අරන් ආපු ටේ ජංකුක්ගේ ඔම්මටයි sunmiටයි දීලා සෝෆා එකෙන් වාඩි වෙන්න යද්දිම ආපොහු ඩෝ'බෙල් එක රින්ග් උනේ ආවේ ජංකුක් වෙන්න කියලා හිතාගෙනම ටේහ්‍යුන්ග් දොර අරිද්දි.

Jungkook P.O.V

ඔම්මා අපේ ගෙදර යන ගමන් තමයි අද ඇමෙරිකා වල ඉදන් ආවා කියලා මට කෝල් කරලා කිවුවේ.කෝමත් මන් අපේ ඔම්මගේ කට ගැන දන්න නිසාම වැඩ ටික යුන්ගිට දීලා ඉක්මනින් ගෙදර ආවේ ටේ තනියම නිසා.

ඩෝ'බෙල් එක ගහලා ටිකකින් ඇවිත් ටේ දොර ඇරියා.මැලවිලා තිබ්බ මුහුණේ මාව දැක්ක කමන් හරි අහිංසක හිනාවක් ඇදුනා.

"මන් බලන්නම්"

මන් එයාගේ ඔලුව අත ගාලා එයාවත් එක්කන් ගේ ඇතුලට එද්දිත් ඔම්මා ඉන්නවා princess ව ඔඩොක්කුවේ තියන්.'අයිෂ් මේ ගෑනිත් ඇවිත් නේ ඒක තමයි අද නිවාඩු දාලා තිබ්බේ.' මන් හිතෙන් හිතුවේ සෝෆා එකට වෙලා ෆෝන් එක ඔබන සන්මි දිහා බලාගෙන.

"පුතා කොහොමද?"

"හොදින් ඔම්මා ඇයි ඔයා මට එනවා කියලා කලින් කිවුවේ නැත්තේ"

මන් ටේ ගෙනත් දීපූ වතුර එක බොන ගමන් ඇහුවේ ඔම්මගේ මූණ බලන් ඉද්දිම අමුතු වෙද්දි.

"මේක මාර වැඩක් උනානේ මගේ පුතාගේ ගෙදර එන්න තව කී දෙනෙක්ගෙන් අහන්න ඕනේද?"

ඔම්මා නෝක්කාඩුවට කියද්දි මන් ඔලුව දැපැත්තට වනලා සෝෆා එකෙන් වාඩි උනා.

"ම්-මමා~"

Princess අඩන්න මුහුණ අදාගෙන ටේ දිහා බලන් කෙදිරි ගාද්දි ටේහ්‍යුන්ග් ගිහින් සූව ගන්න හැදුවත් ඔම්මා සූව ටේට දුන්නේ නෑ.

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now