Chapter 12

766 134 7
                                    

Taehyung p.o.v

මන් කෑම එකයි සූගේ කිරි එකයි අරගෙන රූම් එකට එද්දි ජංකුක් රූම් එකේ හිටියේ නෑ.බාතෲම් එකේ වතුර වැටෙන සද්දෙ ඇහුන නිසා කෑම පිගාන මෙසේ උඩින් තියලා මගේ දිහා හිනාවෙවී බලන් ඉන්න සූ ගාවට ආවා.

"මගේ චූටී මැණික නැගිට්ටද?"

"ම්-මමා වදා~"

මන් සූගේ චූටී බන්ඩියේ මූණ අතුල්ලන ගමන් හුරතල් කරද්දි කෙල්ල හිනාවෙන ගමන් අත්දෙක දික් කරේ මට වඩාගන්න කියන්න.

"කුක්කු එක බීලා දෝ ගමු හරිද?"

සූව හරහට වඩාගෙන ඔඩොක්කුවේ තියා ගන්න ගමන් කිරි එක පොවද්දි බාතෲම් එකේ දොර ඇරුනා.මන් දිහා බලන්නෙවත් නැතුව closet එකට යන ජංකුක්ව දැක්කම ඇත්තටම මට දුක හිතුනා.මන් මොනවා කරාටද මාත් එක්ක තරහා වෙලා ඉන්නේ.

"ජ්-ජංකුකී කෑම එක කවන්නද?"

"ඕනේ නෑ මන් කන්නම්"

ෆයිල්ස් වගයකුයි ලැප් එකයි අරන් මේසෙන් තියනවා දැක්ක නිසා මන් කවන්නද කියලා ඇහුවම මගේ මූණවත් නොබලා එයා මේසේ උඩ තිබ්බ කෑම එක කන්න ගත්ත නිසා මන් මුකුත් නොකියා නිදන් ඉන්න සූව ඇදෙන් තියලා වොශ් එකක් දාගන්න ගියා.

මන් වොශ් දාලා එද්දි එයා රූම් එකේ හිටියේ නෑ.රූම් එකෙන් එලියට ආපු මන් දැක්කේ එයා වැඩ කරන ඔෆිස් රූම් එකේ ලයිට් එක පත්තු වෙනවා.එයා මොකක්හරි වැඩක් වෙන්න ඇති කියලා හිතුන නිසා මන් ආපොහු රූම් එකට ඇවිත් ලයිට්ස් ඕෆ් කරලා සූ ගාවින් ඇල උනා.

"අහ්ම්..."

දැන් දැන් එයාට තුරුල් වෙලා නිදා ගන්න එක පුරුද්දට ගිහින් තිබ්බ නිසා කොච්චර නිදා ගන්න හැදුවත් නින්ද ගියේ නෑ.අඩ නින්දෙන් නැගිට්ට මන් වෙලාව බැලුවමයි දැක්කේ පාන්දර එකත් පහු වෙලා කියලා.එයා කවදාවත් මෙච්චර රෑ වෙනකන් වැඩ කරන්නේ නැති නිසා මන් ඇදෙන් නැගිටලා ඔෆිස් රූම් එකට ආවා.

මන් යද්දිත් එයා පුටුවට ඔලුව බර කරන් ඇස් පියන් හිටියේ.මන් ලගට ගිහින් එයාගේ අත් ගොබේකට ඇගිල්ලෙන් අනින ගමන් කතා කරා.

"හ්‍යුන්ග්..."

"ම්ම්..."

"දැන් පාන්දරත් වෙලානේ නිදාගන්න එන්නකෝ"

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now