Chapter 06

781 140 7
                                    

One week later...

සුපුරුදු ජීවන රටාවත් එක්ක සතියක කාලයක් ගෙවිලා ගියා.ටේහ්‍යුන්ග් එයාලා දෙන්නා වෙනුවෙන් ගොඩක් දේවල් කරන නිසා හැමදාම ඔෆිස් ගිහින් එද්දි ටේට මොනවමහරි ගේන්න ජංකුක් අමතක කරේ නෑ.ජංකුක් ටේහ්‍යුන්ග් වෙනුවට එයාගේ ඔම්මගේ පැත්තෙන් දුරින් නෑ කෙනෙක් උන Lee Sunmi කියන කෙල්ලව එයාගේ private secretary විදිහට බදව ගත්තා.

ජංකුක් මේ ගැන හිටියේ වැඩිය කැමැත්තකින් නෙවෙයි.වයස 24ක් උන ඇය ඉස්සර ඉදන්ම ජංකුක්ට කැමත්තෙන් හිටියෙ කියලා ජංකුක් දැනන් හිටියා.ඇමරිකා වල ඉන්න Mrs.Jeon මෙච්චර උනන්දුවෙන් කෝල් කරලා කියද්දි ජංකුක්ට කරගන්න දෙයක් නැති උනා.ඉතින් ඔම්මා නිසාම ජංකුක් මේකට කැමති උනා.

එයාගේ අප්පා කෙසේ වෙතත් ඔම්මානම් හදන්නේ sunmi ව තමන්ගේ කරේ ගහන්න තමයි කියලා ජංකුක් දැනන් හිටියා.ජංකුක් තවම ටේ ගැන එයාගේ දෙමාපියන්ට කියලා තිබ්බේ නෑ.මේ ප්‍රශ්නේ තව දුර කලින් ඔම්මටයි අප්පටයි කියන්න ඕනේ කියලා ජංකුක් හිතුවා.

සූහා බබා සහ ටේහ්‍යුන්ග් ගැන කිව්වොත් සූ නම් දැන් ජංකුක් එක්ක වඩා ටේත් එක්ක ඉන්න තමයි කැමති.කෝමත් ඩැඩා වැඩට ගිහින් ගෙදර එන්න රෑ වෙන නිසත් උදේ ඉදන් තමන් එක්ක හුරතල් වෙවී සෙල්ලම් කරන එයාගේ මමාට සූ ඩැඩාට වඩා සූට්ටක් වැඩියෙන් ආදරේ කරා.

උදේ ජංකුක් වැඩට ගියාට පස්සේ සූව නිදි කරවලා එයත් ආපොහු ටිකක් නිදා ගත්තා.ආපොහු උදේ 11ට විතර නැගිට්ට විතර නැගිට්ට ටේහ්‍යුන්ග් දවල් කෑම එකත් හදලා සූවත් ලෑස්ති කරන් එයත් ලෑස්ති උනේ ඔෆිස් එකට ගිහින් ජංකුක්ට කෑම එක දීලා එන්න.ඔෆිස් එකේ ගොඩක් අය මේ ගැන දන්න නිසා ටේට ප්‍රශ්නයක් උනේ නෑ.

"මමා~දැදා"

"ඔව් මැණික අපි ඩැඩා බලන්න තමයි යන්න යන්නේ"

ජංකුක් වගේම ටේහ්‍යුන්ගේ උත්සහය නිසා දැන් අපේ චූටි සූහා එක එක අලුත් වචන කතා කරනවා.කලින්ටත් වඩා බෝලයක් වෙලා ඉන්න ඉන්න සූහාගේ රෝස කම්මුලකට හාදුවක් දෙන ගමන් ටේහ්‍යුන්ග් සූ බබා දිහා බලන් ආදරයෙන් හිනා උනා.කෙල්ලට තිබ්බෙත් එයාගේ ඩැඩාගේ වගේම Doe ඇස් දෙකක්.රෝස බෝලයක් වගේ ඉන්න සූව හව් හව් ගාලා හපන්න හිතෙන ආසාව දහස්වෙනි වතාවටත් ටේහ්‍යුන්ග් හිතෙන් නැතිකර ගත්තා.

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now