Chapter 21

938 142 33
                                    

"බබී ලෑස්ති වෙලා ඉවරද?"

"ඕ එනවාආආ..."

ජංකුක් පහල ඉදන් මට කතා කරද්දි මන් ඉක්මනින් ප'ෆියුම් එකත් ගහගෙන සූව වඩාගෙන පහලට ආවා....සූට දැන් උණ හොද වෙලා දවස් හතරක් වගේ වෙනවා...මේ දවස් වල සීතල ටිකක් වැඩි නිසා මටත් ලාවට වගේ රස්නේ අරන් තිබ්බේ...මාත් වැඩි වෙන්න කලින්ම බෙහෙත් ගත්ත නිසා මටනම් දවස් දෙකෙන් අඩු උනා...මගේ මෝඩ මනුස්සයා එදා දවසෙම මූණ ඇඹුල් කරන් හිටියේ ඇයි කියලා මට කිවුවේ අපි නිදා ගන්න කිට්ටු කරලා...Princess දැන් ලොකු ළමයෙක් ඒ නිසා එයාට ඒවා පුරුදු කරන්න එපා ඒවා මගේනේ ගගා පැය ගානක් ජංකුක් නහයෙන් ඇඩුවා...එතකොට ඔයා පොඩියිද කියලා අහන්න හිතුනත් ආපොහු මහා පාන්දර නිදා ගන්නේ නැතුව කෙදිරි ගාන්න පටන් ගත්තොත් කියලා මාත් රටේ නැති දේවල් කිය කිය කෝමහරි එයාව ශේප් කර ගත්තා...

අපි තුන් දෙනා අද යන්න යන්නේ ජිමිනිලගේ ගෙදර...යුන්ගි හියුන්ගේ ලගම යාලුවෙක් මීට දවස් පහකට විතර කලින් ඇක්සිඩන්ට් වෙලා...ඒ වහනේ ඇතුලේ ඒ හියුන්ගේ වයිෆුයි අවුරුදුක් විතර උන ඒ දෙන්නගේ පුංචි කොල්ලත් ඉදලා තියනවා...ඇක්සිඩන්ට් උන තැනම ඒ හියුන්ග් නැති වෙද්දි එයාගේ වයිෆුයි පුතයි දෙන්නම ඉදලා තියෙන්නේ I.C.U එකේ...අවාසනාවන්ත විදිහට පෙරේදා ඒ පොඩි කොල්ලගේ අම්මත් නැති වෙලාලූ...යුන්ගි හියුන්ගේ යාලුවා ක්‍රිස්තියාන් නිසා එයාලගේ බබාගේ God Father උනේ යුන්ගී...ඉතින් යුන්ගි හියුන්ග්නුයි ජිමිනියි කැමැත්තෙන්ම ඒ පොඩ්ඩව හදා ගන්න තීරණේ කරලා...ඊයේ තමයි පොඩ්ඩව හොස්පිටල් එකෙන් discharge වෙලා තියෙන්නෙ...අපි මේ ගැන දැන ගත්තෙත් ඊයේ...ජංකුක් ඊයෙම මට කිවුවා අද එහේ ගිහින් එමු කියලා.

"මේක හොදයිනේ හියුන්ග්"

"ම්ම්...චූටී අය කන ස්නෑක්ස් වගේකුත් ගන්න...පොඩි අය ආසයිනේ ඒවට.."

අපි තුන්දෙනා grocery shop එකට ඇවිත් එහේ ගෙනියන්න බඩු වගෙකුයි පොඩි කොල්ලටත් ස්නෑක්ස් ටිකකුයි අරන් වහනෙට නැග්ගා...විනාඩි කිහිපයකින් පස්සේ ජිමින්ලගේ ගෙදර ගේට් එකෙන් කා' එක ඇතුලට දාලා
පා'ක් කරා...

"එන්න ඇතුලට..."

ජිමින් ඇතුලට කතා කරද්දි මාත් හිනා වෙලා සූත් එක්ක ඇතුලට ගියේ ජංකුක් බඩු ටිකත් අරන් මන් පස්සෙන් එද්දි...අපි ඇතුලට යද්දි පොඩ්ඩා හිටියේ යුන්ගි හියුන්ග් එක්ක සෝෆා එකට වෙලා චිත්‍ර පාට කරන ගමන්...ජංකුක්ගේ අතේ තිබ්බ බෑග්ස් ටික ජිමින් ගද්දි ජංකුක් මගේ අතින් සූව අරන් යුන්ගි හියුන්ග් ඉන්න තැනට යද්දි මන් ජිමින් එක්ක කුස්සියට ආවා...

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now