Chapter 11

741 126 9
                                    

"ඔයාලා කාලද ඉන්නේ."

"තාම නෑනේ සූගේ කෑම එක පහලනේ"

තුන් දෙනාම එයාලාගේ රූම් එකට ආවට පස්සේ ජංකුක් සූ බබා එක්ක ඇදෙන් වාඩි වෙද්දි ටේත් එයාලා ගාවින් වාඩි උනා.

"ඔම්මා කතා කරපු විදිහ ගැන මට සමාවෙන්න ටේහ්‍යුන්ග්.ඔම්මා කොරියා වලට ඇවිත් කෝල් එකක් දෙනකන්ම මන් දන්නේ නෑ එයා ආවා කියලා.එයා කියන දේවල් වැඩිය ඔලුවට ගන්නේ නැතුව මේ සතියේ ඉමු හොදේ."

එක අතකින් සූව අල්ලන් අනිත් අතින් ටේගේ අත් දෙක අල්ලන් ජංකුක් කිවුවේ වේදනාත්මක කටහඩකින්"

"ඒකට කමක් නෑ ජංකුකී තමන්ගේ පුතා එයාලට නොකියා මැරි කර කිවුවම ඕන ඔම්මා කෙනෙක්ට කේන්ති යන එක නෝ'මල් නේ ඒ නිසා ඒක වැඩිය හිතන්න එපා"

ටේහ්‍යුන්ග් හිනාවෙලා කියද්දි ජංකුක් ලාවට හිනාවෙලා ඇදෙන් නැගිට්ටා.

"මන් වොශ් එකක් දාලා එන්නම්.තුන්දෙනා එකටම පහලට යමු.මන් ඇවිත් කෑම ඕඩර් කරන්නම්"

"අයියෝ මන් උයන්නම් අනේ"

"ඔයා උදෙත් නැගිටගෙන ඉවුවනේ ඒ නිසා ඕනේ නෑ අදට විතරක් කඩෙන් කමු."

ජංකුක් ටවල් එක අතට ගන්න ගමන් ටේහ්‍යුන්ගේ ඔලුව අතගාලා බාතෲම් එකට ගියා.විනාඩී කිහිපයකින් පස්සේ තුන්දෙනාම පහලට එද්දි ජංකුක්ගේ ඔම්මා හිටියේ ටීවී එක බලන ගමන්.

"බඩගිනි නිසා කුස්සියට ගියාම හිස් වෙච්ච වළං ටිකක් තිබ්බේ.තමුන් අඩුම ගානේ මගේ පුතාට කන්න දෙන්නෙවත් නැද්ද?"

ජංකුක්,සූ බබා,ටේහ්‍යුන්ග් තුන්දෙනාම සෝෆා එකෙන් වාඩි උන ගමන් ජංකුක්ගේ ඔම්මා ටේහ්‍යුන්ග්ට බනින්න ගත්තේ ටේ ජංකුක් දිහා අසරණව බලද්දි.

"එයා උදේ ඉවුවා ඔම්මා.මමයි කිවුවේ දවල්ට කඩෙන් කෑම ඕඩර් කරමු කියලා."

ජංකුක් කියද්දි mrs.jeon කේන්තියෙන් අහක බලා ගත්තා.

"ටේ ගිහින් සූගේ කෑම එක අරන් එන්න"

කලින් හදපු එක නිවිලා නිසා ඒක විසික් කරලා ටේහ්‍යුන්ග් ඉක්මනින් සූගේ කෑම එක හදන්න ගනිද්දි ජංකුක් ඒ තුන්දෙනාට කන්න කෑම ඕ'ඩර් කරා.

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Där berättelser lever. Upptäck nu