Chapter 16

785 126 25
                                    

"ජිමිනි ඔයා ජංකුකීව දැක්කද?"

"අනේ මන්දා ටේ මේ ඩබලම කොහි ගිහින්ද මන්දා?"

රෑ වෙන්න රෑ වෙන්න පාර්ටි එකට ආපූ හැමෝම යන්න යද්දි ජින් හියුන්ග් නැම්ජුන් හියුන්ග්නුත් ටිකක් වෙලා ඉදලා යද්දි ජංකුක්ගේ ඔම්මයි අප්පයිත් එයාලගේ රූම් එකට ගියා.පාර්ටි එක වෙලාවේ කවපු නිසා සූව වොශ් කරවලා කිරි එක විතරක් පොවලා නිදි කරවද්දි පොඩි කෙල්ලට තිබ්බ මහන්සියටම ඉක්මනින් නිදා ගත්තා.සූව එයාගේ රූම් එකෙන් තියලා මන් පහලට ආවේ ජංකුකීව හොයන්.

අනිත් හැමෝටම පාර්ටි එක ඉවර උනත් බේබද්දෝ දෙන්නෙක්ට නම් මේක ඉවර කරන්න උවමනාවක් තිබ්බේ නෑ.ජිමින් ජංකුක්ටයි යුන්ගි හියුන්ග්ටයි පලු යන්න බැන බැන මිනි බාර් එක තියන පැත්තට යද්දි මාත් එයාගේ පස්සෙන් ආවා.

"උඹ දන්නවනේ බන් මන් උඹට පන උනත් දෙනවා කියලා...."

"උබ කවුද.....උබ තමයි මගේ බොක්ක...ඕන ප#ක්ට එන්න කියපන් මේ යුන්ගි ඕන දේකට උබත් එක්ක ඉන්නවා මචං."

"උ...හික්...උබලා හැදුනේ අපේ අත්වල හු%තෝ..."

"පිස්සු ප#යෙක් වගේ කුනහාර්ප කියන්න එපා යකෝ"

අපි දෙන්නා මිනි බාර් එකේ දොර ගාවට වෙලා මේ යාලුවෝ දෙන්නගේ ආදරේ දිහා බලන් හිටියා.ජංකුක් යුන්ගි හියුන්ග්ට පන උනත් දෙන්න ලෑස්ති වෙලා ඉද්දි එයා ජංකුක්ව බදාගෙන අමු කුනහාර්ප පැලුවා.

"එන්න ටේ යමු නැත්තන් අද එලි වෙනකන්ම බොයි."

ජිමින් කියද්දි මන් ඔලුව වනලා ජංකුක්ගේ ඉස්සරහාට ගියේ එයාට රවාගෙන.

"හ්...හික් ඇයි මට හික්...මෙයාව මගේ බේබී ව්...වගේ පේන්නේ....හික්...."

"දැන් ඇති ජංකුක්....වෙලාව බලනවා දෙකත් පහු වෙලා.....ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක් නේද ආ..."

"මේ මොකද බන් මේ....කවුද යකෝ හිරෝශිමා වලට දාන්න ඕන බෝම්බේ මගේ එකාගේ ගෙදරට දැම්මේ...."

"බෝම්බේ....හිටපන්කෝ මන් බෝම්බේ පෙන්නන්නම්"

මට තිබ්බ කේන්තියට මන් ජංකුක්ට එකදිගට බනිද්දි මැද්දෙන් පැනලා කතා කරපු යුන්ගි හියුන්ග් ජිමින්ගෙන් හොදට අහගත්තා.ජිමිනී යුන්ගිව ඇදගෙන මිනි බාර් එක ඇතුලේ තිබ්බ සෝෆා එක ගාවට යද්දි උස පුටුවක වාඩි වෙලා හිටපු ජංකුක් ගාවට මන් ගියේ රවාගෙන.

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now