⚡ Chapter 04 ⚡

1.6K 203 9
                                        

⚡- The Chase -⚡

⚡- The Chase -⚡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Chapter 04

සෝහි - බෝ බෝ... ඇයි ඔයා ඊයෙ හවස ආවෙ නැත්තෙ... කෝල් ගත්තට කෝල් අන්සර් කරෙත් නෑ...

පා ගමනින් කැම්පස් එක දිහාවට එන යීබොව දැකපු සෝහි, යීබො ලඟට යන ගමන් ඇහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පා ගමනින් කැම්පස් එක දිහාවට එන යීබොව දැකපු සෝහි, යීබො ලඟට යන ගමන් ඇහුවා.

සෝහි - බෝ... මොකක් හරි ප්‍රශ්නයක්ද... කෝ ඔයාගෙ බයික් එක...

රතු වෙලා ඉදිමිලා තිබුනු ඇස් දෙකත් මැලවිලා තියන මූනත් දැක්කම සෝහිට යීබොගේ වෙනසක් තේරුනා. කවදාවත් පයින් ගමනක් යන්නෙ නැති යීබො අද මේ විදිහට එයාගෙ බයික් එක නැතුව පයින් එන එකත් සෝහිට ලොකු ප්‍රශ්නයක් උනා.

සෝහි යීබොගේ අතින් අල්ලගෙන ඒ මූනට එබුනේ යීබොගේ හැඟීම් තේරුම් ගන්න උත්සාහ කරන ගමන්.

යීබෝ - මම පපත් එක්ක රණ්ඩු උනා සෝහි... මම ගෙදරින් ආවා...

විනාඩි කීපයක් නිහඩව ඉදපු යීබෝ බිම බලාගෙන කිව්වා.

වන්ග් බංගලාවෙන් පිට උනාට පස්සෙ යීබො මද්‍යම පහසුකම් තියන එපාර්ට්මන්ට් එකක් එයා ලග තිබුන සල්ලි වලින් වැඩි කොටසක් වියදම් කරලා මිලදී ගත්තා. යීබොට ස්ථිර රැකියාවක් නැති නිසා මාසයක් ගානෙ කුලී ගෙවනවට වඩා ඒ ක්‍රමේ හොදයි කියලා යීබොට හිතුනා.
ඊළඟ දවසේ උදේම හිත සැහැල්ලු කරගන්නත් එක්කම පුරුදු විදිහට කැම්පස් එක ලඟට යන්න හිතපු යීබෝ පා ගමනින්ම කැම්පස් එක ලඟට ආවා.

⚡ The chase ⚡( ✅ )Where stories live. Discover now