⚡ - The Chase - ⚡
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
Chapter 12
යීබෝගේ නිවාස සංකීර්ණයෙන් පිටවෙද්දී වේගයෙන් ශාන්ව පහුකරගෙන ගිය කැබ් රථය ටානියාව මුණගැහුනු හෝටලය ලඟත් තිබුනු බව ශාන්ට ඒ වෙලාවෙදි මතක් උනා. තවත් තප්පර කීපයක් උදේ ඉදන් සිද්දවුනු සිදුවීම් ගැන මතක් කරද්දී බින්ව මුණගැසී එන වෙලාවෙදිත් ඒ කැබ් රථය පාර අයිනේ නවත්තලා තිබුනු බව ශාන්ට මතක් උනා.
"""දෙවියනේ බෝ..."""
කැබ් රථය ගැන හිතද්දී ශාන්ගේ පපුව භීතියෙන් ඇවිලිලා ගියා. යීබො ගැන හිතන ගමන්ම ශාන් වේගයෙන් කාර් එක හරවගෙන ආයිමත් යීබෝගෙ නිවාස සංකීර්ණය දිහාට යන්න උනා.
ශාන්ට සමුදුන් යීබෝ සන්සුන් ගමනින් ගොඩනැගිල්ලේ බිම් මහල දිහාවට යන්න උනා.
බිම් මහලේ වාහන අංගනය තිබුන නිසා තරමක් අඳුරු ගතියකින් යුතු උනත් යීබොට මේ තැන නුපුරුදු තැනක් නෙමෙයි. යීබෝට පිටුපසින් වාහනයක් බේස්මන්ට් එකට ඇතුල් වන හඩ ඇහුනත් ඒ ගැන අවදානය නොදුන් යීබෝ සන්සුන් ගමනින් වාහන අතරින් ඇවිදගෙන ගියා.
වාහන නවතා තියන අඳුරු කොටස අවසන් වෙන්න තවත් අඩි කීපයක් තිබිද්දී, පිටිපස්සෙන් යීබෝගෙ උරහිස් වලින් අල්ලගත්ත ශක්තිමත් අතක් යීබෝව ඉස්සරහ තිබුනු බිත්තියට තද කරගත්තා.
නොහිතපු වෙලාවක සිද්දවුනු දේ නිසා යීබෝ එහෙන්මම තල්ලු වෙලා ගිහින් මූණ බිත්තියට තද වෙන විදිහට බිත්තියට හේත්තු උනා.
"මොන මඟුලක්ද කරන්නේ... මට යන්න දීපන්..."
යීබෝගෙ අත් දෙකත් ඉන පිටිපස්සට තද කරලා අල්ලගෙන ඉන්න නිසා හෙලවෙන්නවත් බැරි උන යීබෝ ග්‍රහණයෙන් මිදෙන්න උත්සාහ කරමින් කෑ ගැහුවා.
යීබෝව පිටුපසින් අල්ලගෙන ඉන්න පුදගලයාට කකුලෙන් පහර දෙන්න උත්සාහ කලත් ඒ උත්සාහයත් අසාර්ථක වෙද්දී තවත් පුද්ගලයෙක් යීබෝගේ ඔළුව හරවන්න බැරිවිදිහට බිත්තියට තද කරලා අල්ලගත්තා.
ESTÁS LEYENDO
⚡ The chase ⚡( ✅ )
Fanfiction⚡ " ඒකිගෙ ආදරේ වෙනුවෙන් මම මගෙ මමාවයි පපාවයි නැති කරගත්තා... අංතිමට ඒකි වෙන එකෙක්ගෙ ආදරයක් වෙනුවෙන් මාව තනිකරලා යන්නම ගියා..." ⚡ "උබ හිතනවට වඩා දෙයක් මෙතන තියනවා බන්....අංතිම වතාවෙදි ඒකි මට කතා කරපු වෙලාවෙ මට ඒක හොදට තේරුනා."
