⚡ Chapter 10 ⚡

1.5K 193 50
                                        

⚡ - The Chase - ⚡

"දෙවියෝ දඩුවම් දෙනකම් බලන් හිටියනම් මේ ආත්මෙදි මට මමාගෙයි පපාගෙයි මිනීමරුවට දඬුවම් ලැබෙනවා බලන්න වෙන්නෙ නෑ බනී..."

යීබෝ කියන දේ තේරුම් ගන්න බැරි උන නිසා ශාන් ටික වෙලාවක් කුතුහලයෙන් යීබෝ දිහා බලාගෙන හිටියා.

"ඉන්න... එතකොට උබ... උබද වෙන් සාහොගේ හොර වැඩ එකින් එක එළියට දැම්මේ..."

ශාන් පුදුමයෙන් යීබො දිහා බලාගෙන අහද්දි යීබෝ හිනාවෙලා ඔළුව ඉහල පහල වැනුවා.

"කැනඩා වලදි මම කරපු එකම දේ සාහො ගැන තොරතුරු හොයපු එක විතරයි බන්..."

අවුරුදු කීපයක ඉදන් වෙන් සාහෝ ඇමතිතුමාගෙ කප්පම් ගැනීම්, මිනීමැරුම්, වංචා දූශණ සේරම එකින් එක එලිවෙන්න පටන් ගනිද්දි මේ හැමදේම එක පිට නීතියට අහු වෙන්නෙ කොහොමද කියලා කාටවත් හිතාගන්න බැරි උනා.
ඒ දේවල් සිද්ද උනේ කොහොමද කියන්න කාටත් වඩා හොදින් දන්නෙ යීබෝ විතරයි.

පපාගෙයි මමාගෙයි මරණයෙන් පස්සේ සේරම ව්‍යාපාර තමන්ගේ ලඟම විශ්වාසවන්තයෙක් වගේම ඥාති සොයුරෙක් උනු ජියින්ග් ට පවරපු යීබෝ කැනඩාවට ගියා.
මාසයකට වතාවක් ව්‍යාපාර වල ලාබයෙන් කොටසක් යීබොට ලැබුනු නිසා ජීවත් වෙන්න සල්ලි හොයන්න වෙනම රස්සාවක් කරන්න අවශ්‍යතාවයක් යීබොට තිබුනේ නෑ. තමන්ගේ මුළු කාලයම මමාගෙයි පපාගෙයි මරණයට හේතු උන රිය අනතුර සිද්දකරපු 'වෙන් සාහො' ගැන තොරතුරු හොයන්න වැය කරපු යීබෝට අවුරුද්දකින් සාහෝගෙ හොර ජාවාරම් සේරම ගැන තොරතුරු හොයාගන්න පුලුවන් උනා.
ජියින්ග්ගෙත් උදව් ඇතිව ඒ දේවල් නීතිය ඉදිරියට ගෙනාපු යීබෝ අංතිමේදී එයාගෙ මමායි පපායි වෙනුවෙන් සාහො ඇමතිතුමාගෙන් ඒ විදිහට පලිය ගත්තා.

⚡ The chase ⚡( ✅ )Where stories live. Discover now