⚡ - The Chase - ⚡
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Chapter 19
ඉක්මනින් ගෙදර යන්න ඕන නිසා යීබෝ කෙටි විවේකයක්වත් ගන්නෙ නැතුව ආයතනයේ වැඩ ටික ඉක්මනට ඉවර කරන්න හිතාගෙන එක දිගට වැඩ කලා.
"""තාම බඩගින්නක් නෑනේ... ගෙදර ගිහිල්ලම කනවා... බනී කාලා බෙහෙත් ටික බිව්වද දන්නෙ නෑ..."""
අත් ඔරලෝසුවෙන් වෙලාව බලපු යීබෝ දහවල් එකත් පහුවෙලා ඇති බව දැක්කත් එහෙම හිතලා ආයිමත් වැඩ පටන් ගත්තා. පැය භාගයක්වත් යීබෝට එක දිගට වැඩ කරන්න පුලුවන් උනේ නෑ. පණිවිඩයක් ලැබුනු බව අඟවමින් ෆෝන් එකෙන් ඇහුනු සද්දේ නිසා යීබෝ ලැප් එකට ඇස් යොමු කරගෙනම ටේබල් එක උඩ තිබුනු ෆෝන් එක අතට ගත්තා. ෆෝන් එක අතේ තියාගෙන ලැප් එකෙන් කරමින් ඉදපු කාර්‍යය ඉවර කරපු යීබෝ පණිවිඩය ලැබිලා විනාඩි පහක් විතර ගෙවිලා යද්දී වැඩි අවදානයක් දෙන්නෙ නැතුව මැසේජ් එක ඕපන් කලා.
මැසේජ් එක කියවපු සැනින් යීබෝ ඉබේටම ඉදගෙන ඉදපු පුටුවෙන් නැඟිට්ටා.
"""ආයිශ්... ගෙවල් අස්සේ රිංගන්න ඇවිල්ලා තියෙන්නේ මොන මඟුලකටද..."""
යීබෝට මැසේජ් එක ඇවිල්ලා තිබුනේ ශාන්ගෙන්. ශාන්ගේ මැසේජ් එක දැක්කා විතරයි තව පැය භාගෙකින් තිබුනු මීටින් එක ගැනත් අමතක වුනු යීබෝ ඉක්මනින් පුටුව උඩින් දාලා තිබුන කෝට් එකත්, කාර් එකේ යතුරත් අරගෙන ඔෆිස් කාමරයෙන් එළියට දිව්වා.
මීටින් එකට අවශ්‍ය වෙන ෆයිල් කීපයකුත් අරගෙන යීබෝගෙ කාර්‍යාලයට ඇතුල් වෙන්න හදපු ෆැන් බී දොර අඟුල අල්ලන්න හදද්දීම... කලබලයෙන් දොරත් ඇරගෙන යීබෝ ෆැන් බීගේ මූණ ඉස්සරහින්ම මතු වුනා.
"අත්‍යාවශ්‍ය වැඩකට මට දැන් යන්න වෙනවා ෆැන් බී... මගෙ ටේබල් එක උඩ තියන භාගෙට චෙක් කරපු ෆයිල් එකේ ඉතුරු ටික ඔයා චෙක් කරන්න... අද හවස වෙද්දී ඒක ඉවර කරන්න ඕනේ..."
YOU ARE READING
⚡ The chase ⚡( ✅ )
Fanfiction⚡ " ඒකිගෙ ආදරේ වෙනුවෙන් මම මගෙ මමාවයි පපාවයි නැති කරගත්තා... අංතිමට ඒකි වෙන එකෙක්ගෙ ආදරයක් වෙනුවෙන් මාව තනිකරලා යන්නම ගියා..." ⚡ "උබ හිතනවට වඩා දෙයක් මෙතන තියනවා බන්....අංතිම වතාවෙදි ඒකි මට කතා කරපු වෙලාවෙ මට ඒක හොදට තේරුනා."
