⚡ - The Chase - ⚡
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
Chapter 20
වෙන් සාහෝගේ සුවිසාල මන්දිරය ලඟ කාර් එක නවත්තපු යීබෝ වරක් හෝන් එක නාද කල සැනින් ගේට්ටුව කොනක තිබුනු කවුලුව ඇරපු මුරකරු යීබෝ දිහා බැලුවා.
"මම ආවේ වෙන් සාහෝව මුණගැහෙන්න..."
"ටිකක් ඉන්න... "
යීබෝ දිහා පරීක්ශාකාරීව ටික වෙලාවක් බලන් ඉදපු මුරකරු කවුලුව වහලා නොපෙනී ගියා.
තවත් විනාඩි කීපයකට පස්සෙ පැති ගේට්ටුව ඇරගෙන යීබෝගේ කාර් එක ළඟට ආව මුරකරු යීබොට කතා කලා.
"මහත්තයා එන්න කිව්වා... වාහනේ මෙතන අයිනට කරලා නවත්තලා ඇතුලට එන්න..."
පණිවිඩය දීපු මුරකරු ගේට්ටුවෙන් ඇතුලට යද්දී යීබෝත් දිග හුස්මක් උඩට අරගෙන කාර් එක පාර අයිනෙන් නවත්තලා කාර් එකෙන් බැස්සා.
"""වෙන් සාහෝ... අංතිමේදි මම උබව මුණගැහෙන්න ආවා... මමායි පපායි වෙනුවෙන් මගේ පලිගැනීම සම්පූර්ණ වෙන්නේ ඔය පරාජිත මූණ එක පාරක් හරි දැක්කට පස්සේ... සෝහිට කරපු දේවල් වලට, බනීට කරපු දේට ඉස්සරහට උබට වන්දි ගෙවන්න වෙයි..."""
තප්පර කීපයක් ගේට්ටුව ඉස්සරහ හිටගෙන කල්පනා කරමින් ඉදපු යීබෝ ගේට්ටුවෙන් ඇතුල් වුනා. යීබෝ ඇතුලට එනකම් ගේට්ටුව දිහාම බලාගෙන ඉදපු මුරකරු නිවස දිහාට ඇවිදගෙන යද්දී යීබෝත් මුරකරුගේ පස්සෙන් ගියා.
"ඇතුලට යන්න..."
නිවසේ ප්‍රදාන දොරටුව ලඟ නතරවුනු මුරකරු යීබෝ දිහා බලලා කියද්දී යීබෝ විමසිල්ලෙන් ප්‍රධාන දොරටුවෙන් නිවසට ඇතුල් උනා.
නිවසට ඇතුල්වෙද්දීම යීබෝ දැක්කේ තමන්ට පිටුපා හිටගෙන බිත්තියේ ගහලා තියන පින්තූරයක් දිහා බලාගෙන ඉන්න වෙන් සාහෝව. සාහෝව දකිද්දී යීබෝගේ හිතට තරහක් දැනුනත් තරහා පාලනය කරගත් යීබෝ අවඥාසහගත හඩින් කතා කලා.
ESTÁS LEYENDO
⚡ The chase ⚡( ✅ )
Fanfiction⚡ " ඒකිගෙ ආදරේ වෙනුවෙන් මම මගෙ මමාවයි පපාවයි නැති කරගත්තා... අංතිමට ඒකි වෙන එකෙක්ගෙ ආදරයක් වෙනුවෙන් මාව තනිකරලා යන්නම ගියා..." ⚡ "උබ හිතනවට වඩා දෙයක් මෙතන තියනවා බන්....අංතිම වතාවෙදි ඒකි මට කතා කරපු වෙලාවෙ මට ඒක හොදට තේරුනා."
