⚡ Chapter 14 ⚡

1.3K 161 38
                                        

⚡- The Chase - ⚡

⚡- The Chase - ⚡

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


Chapter 14

ලාවට දැනෙන ඔළුවෙ කැක්කුමක් එක්කම ඊළඟ දවසේ උදේ ශාන් අවදි උනා.

"""සෙකන්ඩ් වෙන්න බැරි නිසා බිව්වට දැන් ඔලුව රිදෙනවනේ..."""

තවත් විනාඩි කීපයක් ඇස් දෙකත් පියාගෙන ඇඳටම වෙලා ඉදපු ශාන් වෙනදට වඩා සිරුරට සැහැල්ලු බවක් දැනෙන නිසා බෙල්ල ලඟටම පෙරවගෙන ඉදපු පොරවනය උස්සලා එයාගෙම ඇඟ දිහා බැලුවා. පොරවන රෙද්ද උස්සලා බලද්දී දැකපු දේ නිසා ශාන්ගේ ඇස් දෙකත් ලොකු වෙලා කටත් බාගෙට ඇරෙද්දී ශාන් ඉක්මනින් රෙද්ද බෙල්ල ලඟට වෙනකම් හොදින් පෙරවගත්තා.

"""විලිලැජ්ජාවේ සංතෝසේ බෑ... මම මුළු රෑම නිදාගෙන ඉදලා තියෙන්නේ මෙහෙමද දෙයියනේ..."""

පාන්දර දැනුනු තද සීතල නිසා ඇඳ කොනකට විසිකරපු පොරවනය අරගෙන බෙල්ල ලඟට වෙනකම් පෙරවගත්තත් ශාන් තාමත් ඉන්නේ උපන් ඇඳුමෙන්.

"""කමන්නෑ බෝ කිසිදෙයක් දන්නෙ නෑනේ... හොඳ වෙලාවට වැඩේ වරදින්න කලින් මම කාමරේට ආවේ... උබ උබ ගැන ආඩම්බර වෙන්න ඕනෙ ශාන්... එදා බෝ වගේ පිස්සු නටන්නෙ නැතුව මොලේ පාවිච්චි කරලා ඉක්මනින් රූම් එකට ආව එක ගැන... හරි ඉතින් පිස්සු නැටුවත් බෝ කිසිදෙයක් දන්නෙ නෑනේ... එදා ඌට කියපු දේවල් වල හැටියට මේක ඌ දැනගත්තනම් මට එල්ලෙන්න වැල් නැති වෙනවා..."""

නිදාගෙන තියන විදිහ මතක් වෙද්දි ඇතිවුනු ලැජ්ජාවට ශාන්ගේ කන් දෙකේ ඉදන් රතු වෙද්දී ශාන් තමන් එක්කම කතා කරන ගමන් කලබල උනු හිත සන්සුන් කරගන්න උත්සාහ කලා.

පැයක විතර කාලයක් බාත්රූම් එකේ කණ්ණාඩිය ඉස්සරහට වෙලා තමන්වම සන්සුන් කරගත්ත ශාන්, කලින් දවසේ රාත්‍රියේදී මුකුත් නොවුනු ගානට ඇඟත් සෝදගෙන කාමරයෙන් එළියට ආවා.

⚡ The chase ⚡( ✅ )Dove le storie prendono vita. Scoprilo ora