⚡ - The Chase - ⚡
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🚫 සැ.යු. Chapter 25 කොටසේ chapter 24 අංතිම කොටසත් තියනවා... Chapter 24 කියවපු අය ඒ ටික යවලා chapter 25 අංතිම ටික විතරක් කියවන්න... කතාව මෙහෙම දැම්මේ නැත්තම් අංතිම කොටස් ටික පිළිවෙලට හදාගන්න බෑනේ ඒකයි මෙහෙම දැම්මේ...🥲 )
🔴 මේ කොටසේ අංතිම ටික කියවන්නේ නැතුව ඉන්න එපා... අංතිම ටිකේ සෝහි ලියපු ලියම ගැන තියනවා...
************************************
Chapter 25
වියරු හිනාවක් මූණෙ රදවගෙන ජේ කේ යීබෝගේ පපුව අස්සේ තිබුනු ආයුවාන්ගේ හිසටම තුවක්කුව එල්ල කරද්දී වෙන කිසිම දෙයක් කරන්න වෙලාවක් නැති බව තේරුම් ගත්ත යීබෝ ආයුවාන්ව ආවරණය වෙන විදිහට ජේ කේට පිටිපස්ස හරවගත්තා. ඊළඟ තප්පරයේදි සිද්දවෙන දේ ගැන හිතන්නවත් අකමැති වුනු යීබෝ ආයුවාන්ව තදින් පපුවට තුරුලු කරගෙන ඇස් දෙක පියාගනිද්දි...
"ඩෝං... ඩෝං..."
වෙඩි හඩවල් දෙකක්ම ඇහුනත් කිසිම වේදනාවක් නොදැනුන නිසා යීබෝ හිමින් සීරුවේ ඇස් ඇරලා ජේ කේ දිහා බැලුවා.
"උ..ම්..බව... ම..ම....."
බිම දණගහගෙන, නොවැටී ඉන්න ඕන නිසා තුවක්කුව රැදි අතත් බිමට තද කරගෙන ජේ කේ රතු වුනු ඇස් වලින් යීබෝ දිහා බලාගෙන හිටියා.
පපුවේ තැන් දෙකකින්ම පිටතට ලේ ගලාගෙන යද්දී ජේ කේ දෙයක් කියන්න උත්සාහ කළත් ඊළඟ තප්පරේදි කපාදැමූ ගහක් වගේ ජේ කේ පොළවට ඇඳගෙන වැටුනා.
ටික වෙලාවක් ජේ කේ දිහා හැඟීම් විරහිතව බලාගෙන ඉදපු යීබෝ අනිත් පැත්තට හැරෙද්දීම ශාන් යීබෝ ලඟට දුවගෙන ඇවිල්ලා යීබෝ ලඟින්ම බිම දණගහගත්තා. ශාන්ට පිටිපස්සෙන් බිනුත් ජේ කේ දිහාට එල්ල වෙලා තිබුනු පිස්තෝලය ඉන පටියේ රදවගනිමින් යීබෝ ලඟට ඇවිදගෙන ආවා.
YOU ARE READING
⚡ The chase ⚡( ✅ )
Fanfiction⚡ " ඒකිගෙ ආදරේ වෙනුවෙන් මම මගෙ මමාවයි පපාවයි නැති කරගත්තා... අංතිමට ඒකි වෙන එකෙක්ගෙ ආදරයක් වෙනුවෙන් මාව තනිකරලා යන්නම ගියා..." ⚡ "උබ හිතනවට වඩා දෙයක් මෙතන තියනවා බන්....අංතිම වතාවෙදි ඒකි මට කතා කරපු වෙලාවෙ මට ඒක හොදට තේරුනා."
