විසංයෝග ☠️❤️‍🔥 02 කොටස

894 108 13
                                    


මගේ බොහොම හොද මිත්‍රයෙක් ඉන්නව මෙහෙන් ගම් පහකට විතර එහාට වෙන්න
ගුණදාස ගුරුන්නාන්සේ කිව්වම නොදන්න කෙනෙක් නම් නැති තරම්
එඋන්දගෙන් නම් මේකට ප්‍රත්‍යක්ෂෙන්ම විසදුමක් ගන්න පුලුවන් වෙවි

එහෙනම් මම ගිහින් ඒ ගුරුන්නාසේව හම්බෙන්නම් වෙද මහත්තයා

හරි එනම් සුනිල්වත් එක්කගෙන ඔය ළමයා හෙට උදෙන්ම යන්නකො
මම පිටත් කරල එව්ව කිව්වම අනිවාර්යයෙන්ම වැඩේ කරාවි

පඬුරු එහෙම කොහොමද වෙද මහත්තයා

මොන පඬුරුද ළමයො ඔය බුලත් අතක් අරන් යන්නකො කොළ ටිකත් මෙහෙන්ම කඩාගෙන
අපිට උදව් කරගන්නොනි අපිම වෙච්චි ,මේ සාස්තරේ අපි උගන්නේ හම්බකරන්න නෙවෙ

පසු දා උදෑසනම අවදිවුන විහංස සුනිල් එක්ක පිටත්ව ගියේ ගුනදාස ගුරුන්නාසේව මුණ ගැසීමටයි
සුනිල් සමඟ පැම්නි හෙයින් පහසුවෙන්ම ගුරුන්නාසේගේ නිවස සොයාගන්නට හැකි වූ අතර තරමක් පරණ තාලයේ වූ නිවස විශාලව සකස් කර තිබුණා.ගස් කොලොන් බොහොමයක් වත්තෙහි නොතිබ්බත් අමුතු අදුරු ගුප්ත ස්වාභවයකින් වැසි තිබුණ නිවසෙහි ඉස්තෝප්පුවෙ වුන විශාල ගෝන හිස් කබල එහි ගුප්ත බව තවත් වැඩි කරන්නට වුනා.

නිවස අසලට ගිය සුනිල් ගුරුන්නාසේට කතා කරන්නට වුනා.

ගුරුන්නාන්සේ... ගුරුන්නාන්සේ මාමා

ආ සුනිල් ළමයනේ මම ඒත් බැලුව කවුද කියලා
වෙද මහත්තයත් ආවද

නිවසෙන් පිටතට පැමිණියේ ගුරුන්නාන්සේගේ බිරිඳ යැයි පැවසිය හැකි කාන්තාවකි

වෙද ගෙදර වැඩ වල ඉස්පාසුවක් නැනෙ නැන්දා කොහේ කියල එන්ටයැ

එකත් හැබැව
ඔය ළමයා හදිස්සියෙම

මේ වෙද මහත්තයගේ පණිවිඩේකට මෙන්න මේ මහත්තයෙක් එක්කොරගෙන ආවා ගුරුන්නාන්සේ මාමව මුණ ගස්සන්න

ආ හිටිංකෝ අපේ එක්කෙනා මේ ඇගපත සෝදගන්නව තාම
මම කියල එන්නම්
මහත්තයට තේකක් වත්

ආ ඔනි නැ නැන්දෙ උදෙට කාපු ගමන් වගේ ආවේ

ඒ සමගම කාන්තාව නිවස තුලට ගමන් කල අතර විහංස කල්පනා කරන්නට වුනේ මේ ගැමියන්ගේ තියෙන සරල දිවි පෙවතත් ඔවුන්ගේ ඇති හිතවත්බාවයත් පිලිබඳවය කිසිදාක තමන්ව මුණ ගැසි නැති මේ ගැමියන් තමන්ටත් බිරිඳටත් සලකන ආකාරය විහංසගෙ සිතට පුදුමයක් එක් කලේය.

විසංයෝග ☠️🔥 Where stories live. Discover now