විසංයෝග ☠️ ❤️‍🔥 - 06 කොටස

625 81 4
                                    

මේ ###### දුම්රිය ස්ථානයයි. බෙලිඅත්තේ සිට කොළඹ කොටුව , මරදාන අනුරාධපුරය දක්වා ධාවනය වන රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රිය දෙවන වේදිකාවට ළඟා වේ.

අනුසර මෙහෙන් එන්න ළමයො ඉක්මනට
ඔහොම බැ හිටගෙන තමයි යන්න වෙන්නේ ඊලගට

මදක් වික්ෂිප්ව සිටි අනුසර විහංසගේ හඩ සමඟින් ඉදිරියට ඇදුනේ දෙමව්පියන් නොමැතිව මෙතරම් දීර්ඝ ගමනක් තමන් යන පළමු අවස්ථාව වූ නිසාවෙනි.

දෙවෙන පන්තියේ මැදිරියකට ගොඩ වූ විහංස ඉක්මනින්ම ජනෙල් කවුලුවක් අසල ඉඩ ඇති ආසනයක ඉදගත්තේ අනුසරට ජනේලය අයිනට යන ලෙසට ඉගි කරමිනි.

කො ඔය බැග් එක දෙන්න උඩින් දාන්න
ඔක බදාගෙනද යන්න හදන්නේ මුළු දවසෙම

විහංස බැග් එක ඉල්ලන නියාවෙන්ම අනුසර තමන් අත තිබූ බැග් එක දිගුකරේ පොඩි දරුවෙකු විලසිනි. ඒ අහිංසක බැල්ම විහංසගේ මුවඟට මද සිනහවක් ගෙන ආවේ අනුසරගේ සිතටත් ආශ්වාදයක් ලබාදෙමිමින්ය.

ගමන ආරම්භ වුන තැන පටංම අනුසරගෙන් විහංසට තිබුනේ ප්‍රශ්නම පමණි.

අයියේ අර ....
මොකක්ද අර මුහුදේ පාලමක්

ජනලයෙන් ඉවත බලාගෙන සිටි අනුසර එකවිටක ඇසුවේ ජනේලයෙන් ඉවතට අතද දික් කරමිනි.

ඔයි බුරුවා කොච්චියේ යන ගමන් එලියට අත් දානවද

හරි හරි ඉතින්
එ මොකක්ද බලන්නකො ඉතින් බැන බැන ඉන්නේ

විහංසගේ තද හඬට දුම්රියේ සිටි කිහිප දෙනෙකු තමන් දෙස බලනු දුටු අනුසර කිව්වෙ ඔරොප්පුවට මෙන් මූනත් හකුලගෙනමය

ආ එකද ඒ ගිලුණ නැවක කුඹ ගස්

හප්පා එහෙමද මම හිතුවේ මුහුදේ හදපු පාලමක්ද කොහෙද කියල නැත්තම් නිකන් අර තෙල් නිධියකුත් වගේ ඒක

පොඩ්ඩක් රටේ ලොකේ ගැන අවධානෙන් ඉන්නව ඕක 2012 වගේ මුහුදෙ ගිලුණේ
කොහෙද ඉතින් වගේ වගතුවක් නැනේ

හරි හරි මහදැනමුත්තනේ ඔයා

විහංසට රවාගෙනම අනුසර නැවතත් ජනේලයෙන් ඉවත බලාගත්තේය.

අනුසර කෝ නැගිටින්න දැන්
අපි දැන් ඇවිල්ලා ඉන්නේ

රාගම පසුවී මද දුරක් යනවිට නිදිමත නිසාවෙන් වැනෙන අනුසරව විහංස උරහිසට හේත්තු කරගත්තේ නිදාගන්න යැයි ඉගිකරමිනි. විහංසගේ අතත් බදාගෙනම නිදාගෙන සිටි අනුසර තමන්ගේ නිදිබර දෙනෙත් අපහසුවෙන් වුවත් විවර කලේ විහංසගේ හඩටයි.

විසංයෝග ☠️🔥 Where stories live. Discover now