3 වන දිගහැරුම

129 25 4
                                    

_වර්තමානය_

එච්චර සෙනගක් මැද්දෙත් මන් හෙව්වේ ඒ ලස්සන ඇස් දෙක. දකින්න වෙන්නේ නැති වෙයි කියලා හිත කොච්චර කිව්වත් ඒ ඇස් දෙකම හොයන්න හිතෙන තරම්.

"අහිංසා..."

හිතපිස්සුවෙන් වගේ හෙව්ව ඒ කටහඩ. ඒ හඩ ඇහුන ගමන් ඇගම සීතල වෙලා ගියා. අවුරුදු ගානකට පස්සෙ මන් එයාව දැක්කේ. එදා වගේම අදටත් ලස්සනයි. හැබැයි අද එයා ඇවිල්ලා හිටියේ හරි ලස්සන අමුත්තෙක් එක්ක. ඒ එයාගේ දුවත එක්ක. හරි ලස්සන සුරන්ගනාවියක්. දැක්ක ගමන්ම එයාගේ ඇස් දෙකටයි හිත ගියේ. අම්මගේ වගේම පූස් ඇස් දෙකක්.

**********************************************************

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

**********************************************************

"අහිංසා...."

"ඕ..."

"මේ හෙට අකේශිගේ බර්ත්ඩේ එක බන්... මොනවාහරි කරා නම් හරි නේද.. මන් අනූටයි තේනූටයි කිව්වා අද අපේ දිහා එන්න කියලා.."

"අනේ එහෙමද මන් නම් දන්නෙත් නෑ මලීශෝ.. දැන් හෙට මොකද කරන්නේ එතකොට.."

"ඔව් බන් මොනාවාහරි කරමු නේද.. කේක් එකක් කපමු නේද බන්.. අර දෙන්නත් ආවහමම කතා කරමුකෝ නේද... කොහොමත් බන් අපිට එයාට පාර්ටි එකක් දෙනවා නම් දෙන්න වෙන්නේ අනිද්දා තමයි බන්... මොකද අකේශිගේ බර්ත්ඩේ එක දවසට එයාලගේ ගෙදර ලොකු පාර්ට් එකක් තියෙනවා බන්.. අපි හැමපාරම ගියා ඒකට..."

ඒක කිව්වහම මටත් ආස හිතුනා ඒ පාර්ටි එකට යන්න. ගිහින් අකේශිට විශ් කරන්න. මොනවා ගන්න ඕනිද කියලා තමයි තේරෙන්නේ නැත්තේ. අපි වගේ අයගෙන් එයා මොනවා බලාපොරොත්තු වෙන්නද නේද. එයත් එක්ක බලපුහම මට මොනවද තියෙන්නේ.

"ආ අකේශී හැපි බර්ත්ඩේ බන්"

"තෑන්ක්ස් මලීශා..."

Love Blossom(සීමාවෙන් එහා)Where stories live. Discover now