7 වන දිගහැරුම

116 22 8
                                    

"ආ එන්න පුතේ.. මේ තුන්දෙනා මේ ඔයාලා එනකන් බලන් හිටියේ.."

"ආ එහෙමද ආන්ටි.. ඇයි දන්නේ නෑ මෙයාලා අපි එනකන් හිටියේ.."

එහෙම කියලා අනූයි තෙනුයි මලීශා ගාවින් වාඩි උනා. අපි ඉතින් එක එක බයිලා කියව කියව ඉද්දී මන් කවදාවත් දැකලා නැති කොල්ලෙක් මලීශාගේ අම්මව හොයාගෙන ආවා. කවුද හිතුවේ ඒ කොල්ලා මගේ මුලු ජීවිතේම වෙනස් කරයි කියලා.

"ආනන්දි ආන්ටි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආනන්දි ආන්ටි.. ආනන්දි ආන්ටි.."

"ඕ.. ඉන්න පුතේ මන් එනවා..."

"ආ කොහොමද හේශාන්.. කෝ අම්මා ආවේ නැද්ද.."

"ඉන්නවා බන් ඉතින් ඔහේ... අම්මා තව ටික්කින් එන්නම් කිව්වා.."

"ඉතින් පුතේ.. මොකෝ මේ පැත්තේ.. අම්මා කෝ... ආවේ නැද්ද.."

"නෑ ආන්ටි.. අම්මා තව ටික්කින් එන්නම් කිව්වා.. මන් මේ ආවේක්ලාස් එකේ accounts නෝට්ස් ටික මලීශාගෙන් ඉල්ලගන්න.."

"ආ හරි හරි පුතේ.. එහෙනම් ඔයාලා කතා කර කර ඉන්නකෝ..."

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

"ඉතින් අකේශී.. කොහොමද ඔයාට.. ගොඩ කාලෙකින් මේ පැත්තේ ආවේ නෑ නේද.."

"ඔව් හේශාන් එන්න බැරි උනා... මේ ස්කෝලේ වැඩත් එක්ක එපා වෙලා ඉන්නේ.."

"එතකොට මේ ඔයාගේ ලොකු අම්මගේ දුවද මලීශා.."

"ඔව් ඔව් එයා තමයි මේ.. මෙයා හෙන මොලකාරී ආ.. අපි වගේ මෝඩයෝ නෙවෙයි.."

"අඩ්ඩෙහ්.. එහෙනම් මරුනේ... ගණන් ටිකක එහෙම මෙයාගෙන් අහගන්න පුලුවන් වෙයි අපිට.."

"අනේ එහෙම එකක් නෑ අනේ.. ඔය කියන තරම් නම් මන් මුකුත් දන්නේ නෑ...මේ මලීශට පිස්සුනේ ඉතින්.."

Love Blossom(සීමාවෙන් එහා)Where stories live. Discover now