9 වන දිගහැරුම

106 21 1
                                    

" මලීශෝ.. ඉක්මනට ලෑස්ති වෙයන් කෙල්ලේ..ලෙක්චර්ස් වලට යන පලවෙනි දවසෙම පරක්කු වෙන්නද හදන්නේ.."

"හරි හරි අනේ ඉවරයි.. මේ එනවා.. ඔයාලා කැන්ටින් එකට ගිහින් ඉන්න අපි දෙන්නා ඉක්මන්ට එන්නම්..."

"හරි හරි එහෙනම්... ඉක්මනට එන්න හොදද..."

"හා අනේ හා.."

මායි නිමිනියි මලීශලගේ කාමරේ ඉදන් එලියට ආවා.. එයාට ඉතින් ලෑස්ති වෙන්න හැට පැයක් යනවනේ.. අපි දෙන්නා කයියක් ගහගෙන ඇවිදගෙන එනකොට නිමිනි කොල්ලෙක්ගේ ඇගේ හැප්පුනා.. කවුද හිතුවේ ඒ කොල්ලා දවසක නිමිනිගේ සිහින කුමාරයා වෙයි කියලා...

එයාගේ නම දනුක්.. ගොඩක් සුදු නැති තලෙලු සමක් තියෙන කොල්ලෙක්.. හරි ලස්සන හිනාවක් තියෙන්නේ කොල්ලට..

දනුක් ජයමාන්න

වයස 23

වයස 23

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔහ්.. සොරි සොරි අයියේ..මන් දැක්කේ නෑ ඔයා මෙතන ඉන්නවා.."

"දැක්කේ නෑ? ඇයි ඇස් පේනවා අඩුයි වගේද ආ.. ඊලග පාරවත් යනකොට පාර බලන් යනවා... උඩ බලන් යන්නේ පිස්සෝ වගේ.."

"හරි අයියේ.. සොරි"

"උබට අව්ලක් නෑ නේද.. එයා කියපු ඒවා ගැන වැඩිය හිතන්න එපා බන්.."

"අයියෝ ඒක අව්ලක් නෑ බන්.. බලපන්කෝ උගේ ලස්සන.. අල්ලගන්නම වටින කොල්ලෙක් ආ... කෙල්ලෙක් ඉන්නවද දන්නේ නෑ නේද..."

"අනේ අනේ උබත්.. මන් මේ උබේ හිත හදන්න හදනවා.. උබ වෙනම එකක් කියනවා.."

"හී හී එහෙම තමයි ඉතින්..."

"හරි හරි අපි බලමුකෝ.."

මලීශයි හිමාශියි ආවට පස්සේ අපි 4දෙනාම කෑම කාලා ලෙක්චර්ස් වලට ගියා. ලෙක්චර්ස් ඉවර වෙද්දී හවස 4ත් පහු වෙලා... අපි 4දෙනාම රෑට කන්න කෑමත් අරන් හොස්ටල් එකට ගියා..

Love Blossom(සීමාවෙන් එහා)Where stories live. Discover now