6 වන දිගහැරුම

132 22 12
                                    

"මලීශා ඉක්මනට එන්න අනේ හොදටම පරක්කු වෙලා.."

"හරී අනේ පොඩ්ඩක් ඉන්නවකෝ ටයි එක ගැට ගහගන්නකන්.."

"හරි හරි ඉක්මන් කරලා ගැට ගහගන්නකො.. කෝ ඔයාගේ වතුර බෝතලේ.. මන් වතුර පුරවගෙන එන්නම්.."

"ආ ඒක සමහරවිට තාම බෑග් එකේ වෙන්නැති අනේ.."

"අනේ මන්දා මලීශා ඔයා නම්.. ඔක්කොම කරගන්න නටන්න අන්තිම වෙලාවෙනේ.."

"ආ ආ... දැන්නේ වැඩේ තේරුනේ මට.."

"මොන වැඩේද.."

"ඔයාට අද මේ ඉක්මනට යන්න ඕනි අකේශිව බලන්න නේද... හා හා හාරී හාරී ඔහොම යන්කෝ.."

"අනේ මේ එහෙම එකක් නෑ හරිද.."


^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

"ආ අකේශී.. මොකද අද මෙච්චර කලින් ඇවිල්ලා.. බලනවකෝ තමුසේ හින්දා අද මන් පාන්දරම නැගිට්ටා යකෝව්.. මේවට අපිට අද ගෙව්වේ නැත්තන් තමයි මන් බලගන්නේ.."

"හරි හරි ඕයී.. අද හවසට යන ගමන් උබලට මන් ඕනි දෙයක් අරන් දෙන්නම්.."

"එහෙනම් එච්චරයි.. ආ මෙන්න උබේ කුමාරිහාමි.. කරන එකක් ඉක්මනට කරගනිල්ලා.. මන් මෙතෙන්ට වෙලා ඉන්නම් අරුන් දෙන්නා එනකන්.."

"හරි බන් එලම ආ.. ගුඩ් මෝර්නින් අහිංසා.."

"ගුඩ් මෝර්නින් අකේශී.."

"මොකද ඔතනට වෙලා ඉන්නේ හ්ම්ම්.. කෝ මෙහෙට එන්නකෝ.."

ඇත්තටම මෙහෙම දවසක් හැමදාම තිබ්බේ මගේ හීනවල විතරයි. ඒකත් මන් නැගිටිනකන් විතරයි. ඒත් අද මන් නැගිටලා ඉද්දිත් තාම ඒ හීනේ දකිනවා. ඇත්තටම මගේ ජීවිතේ මන් හිතුව දෙයක් මේ තරම් ඉක්මනට මේ තරම් හොදට සිද්ද උනාමද කොහෙද. අනේ මන්දා මේ ආදරේට ඇස්වහක් වදීයිද කියලා බයත් හිතෙනවා මට.

"කෙල්ලේ..."

මන් හීන ලෝකේ එක එක විකාර හිත හිත ඉන්නකොට අකේශී මගේ ලගටම ඇවිත් මන් දන්නෙත් නෑ. එයාගෙ කටහඩට තමයි ගැස්සිලා පියාවි සියට ආවේ මන්.

"ඕ අකේශී...."

"මොනවද කල්පනා කරන්නේ ඔච්චර ම්ම්ම්ම්.."

Love Blossom(සීමාවෙන් එහා)Where stories live. Discover now