10 වන දිගහැරුම

113 24 3
                                    

"අහිංසා..."

"අකේශී... කොහොමද ඉතින් ඔයාට.."

"මට සමාවෙන්න අහිංසා..."

"මොකටද සමාව ඉල්ලන්නේ... මෙච්චර කල්මට බොරු ආදරයක් පෙන්නපු එකටද.. නැත්තන් හේශාන් එක්ක එකතු වෙලා මාව රවට්ටපු එකටද..."

"මන් ඔයාට බොරු කරේ නෑ අහිංසා.. අනික මොකද්ද මන් හේශාන් එක්ක එකතු වෙලා කරපු දේ..."

"මට වෙන විකාර වලින් වැඩක් නෑ අකේශී.. මට දැනගන්න ඕනි ඇයි ඔයා මට මෙහෙම කරේ කියලා විතරයි.. කියනවා අකේශී.. මට ඒක කියනවා............"

අඩන්නේ නෑ කියලා කොච්චර හිතුවත් මට එක තප්පරෙන් ඇඩුණා.. එයාව දැක්කහම ඇස් වලින් කදුලු එන එක මටම නවත්තගන්න බැරි උනා.. දවසක මාව එයාගෙම කරගන්නවා කිව්ව අකේශිමද මේ.. අද වෙන කෙනෙක්ගේ වෙලා..

"මට ඔයාගේ හිත රිද්දන්න ඕනි නෑ අහිංසා.. ඒත් මන් හේශාන්ටත් ආදරේ කරා ඔයාට වගේම... මන් ඔයාට බොරු කරේ නෑ.. මන් ඔයාට ආදරේ කරේ ඇත්තටමයි... ඒත් මට කවදාවත් ඔයාව කසාද බදින්න බෑ අහිංසා.. ඔයාට ඒක තේරෙනවා නේද..."

"මොනවද දෙයියනේ ඔයා මේ කියන්නේ.. අපි දෙන්නටම ආදරේ කරා? ඔයා මාව රැවැට්ටුවේ නෑ? ඔයාට මාව කසාද බදින්න බෑ? එහෙනම් මොන එහෙකටද මට ආදරේ කරනවා කිව්වේ.. හැමදාටම මාව ඔයාගේ කරගන්නවා කිව්වේ.. කවදාවත්ම මාව අතාරින්නේ නෑ කියලා කිව්වේ... එදා රෑ අපි දෙන්නා අතර උන දේ මොකද්ද එතකොට.. ඒ හැමදේම බොරුවක්ද.. විහිලුවක්ද අකේශී..."

"මට සමාවෙන්න අහිංසා.. මට සමාවෙන්න.."

එයා ඇත්තටම ඇඩුවේ ඇයි කියලා මට තාමත් තෙරෙන්නේ නෑ.. එයා මට බොරු නම් කරේ ඇයි එයා මෙහෙම අඩන්නේ.. ඇත්තටම එයාට මට කියන්න බැරි දෙයක් තියෙනවද.. නෑ.. එහෙම වෙන්න බෑ.. එයාලට මොන ප්‍රශ්නද.. සල්ලි ප්‍රශ්න තියෙන එකක්යෑ එහෙම අසරණ වෙන්න..

"සමාව ඉල්ලුවහම හැමදෙම හරියනවද අකේශී.. කමක් නෑ මට කොහොමත් තවත් දැනගන්න දෙයක් නෑ.. මන් යනවා.. සතුටින් පරිස්සමින් ඉන්න..."

"අනේ අහිංසා.."

එයා දුවගෙන ඇවිත් මාව බදාගත්තා.. මන් දන්නේ නෑ ඒ ඇයි කියලා.. එයත් අඩනවා.. අනේ මන්දා ඇයි දෙයියනේ ඔයා මට මෙහෙම කරන්නේ.. මුලු ජීවිතේම ප්‍රෙහෙලිකාවක් වෙලා තියෙන්නේ දැන්..

Love Blossom(සීමාවෙන් එහා)Where stories live. Discover now