12 වන දිගහැරුම

129 20 3
                                    

අකේශී නැතුව මන් හිටිය කාලෙ දැන් හොදටම ඇති.. ඒ නිසා පුලුවන් ඉක්මනට එයාව මගේ කරගන්න ඕනි.. මන් එයාව සනීප කරන්න පුලුවන් හැමදේම කරනවා... ඒත් මේක තමයි අන්තිම කැමැත්ත.. ඒ වගේම මගෙත් එකම කැමැත්ත.. ඒ හින්දම මන් අම්මට මායි අකේශියි ගැණ කිව්වා.. මන් අත්තටම හිතුවේ මගේ අම්මා සම්ප්‍රදායික රාමුවකට කොටුවෙලා ඉන්න ගැහැණියක් කියලා.. ඒත් ඇත්තටම මගේ අම්මාගේ ප්‍රථිචාරයත් එක්ක මන් තේරුම් ගත්තා අම්මලා කියන්නේ ඇත්තටම තේරුම් ගන්න බැරි විශ්වයක් කියලා...

"මගේ පුතාගේ කැමැත්ත ඒක නම්.. මාත් ඒකට කැමතියි පුතේ.. මට ඕනී ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න.. එච්චරයි වෙන්න ඕනී.. මගේ ආශිර්වාදේ හැමදාම ඔය දෙන්නට තියෙනවා..."

"මන් හිතුවේ අම්මා මේකට කැමති වෙන්නේ නැති වෙයි කියලා.."

"අනේ ළමයෝ මන් ජීවත් වෙන්නේ 21වෙනි ශතවර්ශයේ.. මේ කාලේ ඕක සාමන්‍ය දෙයක්.. අනිත් එක තමන් කැමති කෙනෙක්ට ආදරේ කරන එකේ තියෙන වැරැද්ද මොකද්ද.. ඒකට වයස, පාට, උස, කුලමල කිසිම දෙයක් වැඩක් නෑ වගේම ලිංගභේදෙත් වැදගත් නෑ පුතේ.. ආදරේ කියන්නේ ආදරේට.. ඒකට කිසිම කොන්දේසියක්වත් කිසිම නීතියක්වත් අදාල වෙන්නේ නෑ පුතේ.. පුතා පුතාට කැමති විදිහට ජීවත් වෙන්න.. ඒකයි වැදගත්ම දේ.. වැරැද්ද තියෙන්නේ ඔයාලා කරන දේ නෙවෙයි මිනිස්සු බලන්න පුරුදු වෙලා තියෙන විදිහේ.. ඒක නිසා අනිත් අය කරන කියන දේවල් වලට දුක් නොවී ඔයාලාදෙන්නා ඔයාලාදෙන්නගේ ජීවිතේ විදින්න පුතේ..."

"මන් ඔයාට ගොඩක් ආදරෙයි අම්මේ.."

"මාත් මගේ දරුවෝ දෙන්නටම ආදරෙයි..."

"ආ දැන් අම්මට ඉන්නේ දුවලා දෙන්නෙක් විතරද.. පුතෙක් නැද්ද එතකොට.."

"හරි හරි ඉන්නවා කෝ මෙන්න මෙහෙට එන්න ඔයත්.."

අම්මා හරිම උණුසුම් විදිහට මාවයි අකේශිවයි මල්ලිවයි වැළදගත්තා... ඒ වැළදගැනීම හරීම ආදරණීය වැළදගැනීමක් උනා...

අකේශී අම්මයි තාත්තායිත් මේ සම්බන්දෙට කැමැත්ත දුන්නා.. අම්මා නම් හරීම ආදරෙන් අපි දෙන්නවම වැළදෙන කැමැත්ත දුන්නත්, අකේශිගේ තාත්තා ඒකට එච්චර කැමැත්තක් පෙන්නුවේ නෑ.. සමහරවිට එයා මේකට කැමැත්ත දෙන්න ඇත්තේ තමන්ම තමන්ගේ දුවගේ ජීවිතේ අපායක් කලා කියලා තේරුන නිසා වෙන්නැති...

Love Blossom(සීමාවෙන් එහා)Where stories live. Discover now