Introduction

587 42 6
                                    

result එන දවසේ උදේ ඉදලම මම කවදාවත් නැතුව නොවදින වැදුම් දෙයියන්ටත් වැදලා ප්‍රාර්ථනා කළේ result අවුලක් වෙන්න එපා කියලා වගේම අම්මයි අප්පච්චිට යි මොකක්හරි වැඩක් වැටෙන්න කියලා.ඒත් කරුමෙට ඒ දෙන්නම ගෙදර.ගොම්මන් කළුවර එක්ක notifications දහයක් විතර ත් එක දිගට වැටෙනකොට මගෙ පපුව නම් හෝස් ගාලා ගියා.....My time has come........මගේ results බලන්න කලින් මගේ අතිජාත මිත්ර පරාණේ හරි.....නැත්තං යොශින් හරි කතා කරනකන් ඉන්නවා... මට ඒ දෙන්නව sure මාව නැති වුනාට.

වැඩි වෙලා ගියේ නැ බලන් හිටපු එක කෝල් එකක් ආවා.

"ආශූ.......ඒ රිසාල්ට් දාලා!!!ඔයා බැලුවාද."

"ආහ්...එහෙමද....මන් බැලුවේ නෑ තව..ඔයාගේ results නම් කතා කරන tone එකෙන් ම ගෙස් කරතහැකි.9As නේ?"

"හේ හේ.... ඕ....ඔයාට කියන්න අපේ ගෙදර අය ඕක කිවුව වෙලේ හැසිරුණේ පොඩි ළමයි වගේ.අන්න අම්මා ගියා කේක් එකක් හදන්න කියලා. ඔයාට ටික්කුත් ඒවන්නම් කෝ මම. ඒක නෙවේ ඔයා බැලුවේ නැද්ද.ඉක්මනට බලනවකො."

හප්පේ chatterbox එක. ගිරා පැටියෙක් වගේ.

"හෙහේ මම හිටියේ ඉතින් ඔයාගේ හරි අරූ ගෙ හරි result අහලා මගේ -"

ඒත් එයා එක්ක හරියට කතා කරන්න වත් බැරි වුණේ අම්මා කාමරේට කඩාපාත් උන නිසා.

"අශිනී...... ළමයෝ බලන්න result ඇවිල්ල ලු"

"මම පස්සේ ගන්නම් යොෂින්...අම්මා කතා කරනවා"

"ආහ් හරි ආශු...මේ බලපු ගම්න් මට කියන්න හොඳේ.."

"අශිනි,කෝ බලන්න results. සෙතුම් ගේ අම්මා කතා කළා.එයාට නම් A 9ක් ලු."

ඔන්න පටන් ගත්තා.මන් අාසම නැති දෙයක් අම්මා මාව අනික් අය එක්ක compare කරන එක.කවුරු එක්ක උනත්.මම කියන්නේ මම නේ.මන් කට පියාන ඉන්නවා ඒ වෙලේට...ගෙදර හිටියට වැඩිය අනික් ළමයි වගේ අම්මා තාත්තා එක්ක නැ මම එයාලා එක්ක තර්ක කරන්න යන්නෙත් නෑ.කාමරේට වෙලා වැඩක් කරගෙන ඉන්න එකනෙ කරන්නෙ.ඒ තත්වෙට මාව පත් කලේ එයාලමයි......

මම lap එක අරගෙන අත් දෙකට පින් දීලා results ටික ගත්තා.Admissiom number එක එක ඉලක්කමෙන් ඉලක්කම බල බල ගහද්දි අම්මා උකුසු ඇස් ස්ක්‍රීන් එකට හෙලාගෙන බලන් හිටියා.

රිද්මය(GL)Where stories live. Discover now