Chapter 13

187 20 4
                                    

"බලන්නකො යොෂින් මූන ම රතු වෙලා... ඔයාද කොහෙද වැඩියෙන්ම වැලහින්න වගේ අඬන්න ගත්තේ"

"ඉතින් ඔයාට දුක නැද්ද ආශු.....අපි ආයේ ඉස්කෝලෙ එන්නේ නෑනේ.....අපි දෙන්නා නම් කොහොම හරි හම්බෙයි,අනික් අය ඉතින් කවදා හම්බෙයිද ශුවර් නැහැ..."

අද GK පේපර් එක....අන්තිමට හැමෝම එකට හම්බෙන දවස.හැමෝම වගේ ගොඩක් ඉමෝෂනල් වෙලා.දැන් මේ මගෙ පපුව අස්සේ මූන ඔබන් ඉන්නෙත් එහෙම එක්කෙනෙක්.සෙතුම් කොල්ලත් කිය කිය හිටියෙ ජිවිතේ හොදම කාලෙ ඉවරයි නේ ගගා.... හැමෝටම එකවගේ දැනෙන්නේ නැහැනේ....අනේ මන්දා මට එහෙම ඉස්කෝලෙ කාලේ කියලා ලොකුවට ඒක නැතිවෙන එක ගැන දැනුනේ නැහැ....අවංකවම කියනවනම් ඉස්කෝලෙ ජිවිතේ යම් යම් හේතූන් නිසා මට විදින්න පුළුවං උනේ නැහැ...මොනවා උනත් සෙනුදි ඇතුළු music සෙට් එක දාලා යන්න වෙන එක ගැන නම් දුකයි.....

"ආශු මට අද තනියෙන් යන්න වෙන්නෙ.....අයියට මොකද්ද වැඩක් කියලා එන්න බැහැ ලු....මාත් එක්ක අපෙ ගෙදර ගිහින් එමුකො මට තනියි?"

"මටනං අවුලක් නැහැ ඕනේ එකක්.ආ මේ බිස්කට් ටිකක් තියෙනවා කනවද"

"ඕවා අහන්නත් දේවල් ද....මොනාද චොකලට් බිස්කට් ද"

"නැ හැබැයි...ආ....මටත් ටිකක් තියන්න ආ මන් ටක් ගාල මියුසික් මිස්ව හම්බෙලා එන්නම්"

බිස්කට් එක එයාට දීලා මියුසික් මිස්ට කතා කරලා එන්න කියලා මන් ගියේ.චතුරි මිස්නම් පන්තියේ හැමෝටම hug එකක් දුන්නා.මියුසික් වැඩ වලට නම් මිස් result එනකම් හරි මාව ගෙන්නගන්නවා මට ෂුවර්.මන් ආපහු එනකොට යොෂින් මේසේ උඩ ඉඳන් කකුල් දෙකත් පද්ද පද්ද බිස්කට් එක කනවා.cutee.........මන් දොර ලඟට වෙලා ටිකක් වෙලා බලන් ඉදලා ඇතුලට ගියා.අන්තිම බිස්කට් එක අතේ තියං බෝල ඇස් දෙකෙන් එයා මන් දිහා බැලුවා.එයත් එක්ක තනියම ඉන්න හැම මොහොතෙම මොනව උනත් ඒ හැමදේම දැනෙන්නෙ ගොඩක් අමුතුවට!මට ලෙඩක්!!!

"මේ.....කෝ දැන් මට බිස්කට්"

"ආ?"

ආ කියාගෙන ඉතුරු බිස්කට් එකත් කටේ ගහගත්තේ නැතැයි මේ කෙල්ල!මන් කටත් ඇද කරන් බලන් ඉද්දි එයා බිස්කට් එකේ පැත්තක් කටින් අල්ලගෙනම අනික් කෑල්ල මගේ කටට ලං කරාම මාව එහෙමම freezeවෙලා ගියා.Processing!!!ඒත් මුකුත් ප්‍රොසෙස් වෙන්න කලින් ම මගෙ ඇස් එක්ක සමාන්තරව තිබ්බ ඒ ඇස් දෙක ඇතුළෙ මන් හැමදාම වගේ අතරමං උනා.කොහොම මොන සිහියෙන් ද මන්දා මාත් බිස්කට් එක හපාගෙන ඉදලා කියලා මට තේරුනේ කරස් ගාල ඒක කඩලා අරන් යොෂින් මගෙන් එහාට වෙද්දි. ආශ් ඔහොම එකපාර heart attack හැදෙන වැඩ කරන්න එපා Angel!!!!ඒ අස්සේ ඔලුව ඇතුලේ මොකක්ද බෙරිහන් දෙනවා උබ ට තව ටිකක් ලගින් හපන්න තිබ්බා නේද කියලා.ඊළග දවසේ පොඩි බිස්කට් ජාතියක් ගෙනාවා නම් හරි මන් කියන්නෙ.නැ එතකොට කන්න ලේසිනේ ඒකයි......

රිද්මය(GL)Where stories live. Discover now