Chapter 05

211 23 6
                                    

"හරි ළමයි..දැන් ඔයාලා grade 13 වලටම ඇවිල්ල තියෙනවා.ඉතින් ඒ කියන්නේ ඒ ලෙවෙල් අත ළඟ.තව මාස කීපයයි. ගිය අවුරුද්දේ කට්ටියට concert එක එක functions වලට එහෙම යන්න ගිහිල්ලා ලකුණු එහෙම හොදට තිබ්බනේ..මේ සැරේ ඉඳන් බැහැ.මේ term එකේ ලකුණු අඩු අයව මන් වෙන වෙනම ගෙන්නලා හේතු අහලා ඒ වෙනුවට පිළියම් යොදනවා"

චතුරි මිස් මගේ දිහාම බලාගෙන උදේ පාන්දර පටන්ගත්තේ ඔයාට මන් කියන්නේ කියලා නොකියා කියන ගමන්.මන් දත් තිස් දෙකම පේන්න හී ගාල බිම බලාගත්තා.concert එකත් එක්කම price giving ,එක එක interschool competitons පේලියට සෙට් උනා....ඕවා එක්කම grade 12 අපි හිටපු අවුරුද්ද ත් ඉවර වුණා...ඒ අවුරුද්ද ගියේ හුළඟක් වගේ....අපේ ට්‍රිප් එක,language day එක,මේ ඔක්කොම තිබ්බේ ඊයේ පෙරේදා වගේ මට මතක.දැන් ඉතින් අර කිඋවත් වගේ බෙල්ලටම හිරවෙල ඉන්නේ ඒ ලෙවෙල් කියලා.

"ඒ උබ දැන් ඒ ලෙවෙල් වලට පාඩම් කරන්න පටන්ගත්තද බං"

"මොංගල්ද ඕයි අර තිබුන හුටපට ඔක්කොම අස්සේ පාඩම් කරන්න. සිකුරාදනේ language day එකත් ඉවර උනේ"

"ඒ සිරාවට උබ එකේ අරයා එක්ක කරපු performance එක නම් පට්ට.idols ලා දෙන්නෙක් වගේ.හුගක් අය කීවා ඒකට 1st place හම්බවෙයි කියලා ඒ වගේම හම්බුනා නේ"

"හෙහේ ....thanks"

මන් මේසේ පහුරු ගාන ගමන් කියුවා. සෙනුදී නම් කියයි....මමනේ හුස්ම හිරකරගන් නැතුව ඉන්න මන් වින්ද දුක දන්නේ....ලඟට ආවත් සමනල්ලු යන එකේ කපල් ඩාන්ස් දාන්න ගියාම....බේරෙන්නත් බැහැනේ ඒ කටින් අනික් එක.

"මේ උබ මොනවද අද ගිල්ලෙ?"

"ආ?????"

"මූණ බලහං කෝ බෙල්ලේ ඉඳන් රතු වෙලා නේ"

"අහ්.. ඒක...අනේ මන්දා...."

මන් දත කාගෙන බිම බලන් උත්තර දුන්නා.මළ හත්තිලවුවයි තව එකක් පටන් අරන්

"අමාරුවක් නැද්ද?"

"නැ නැ."

"මේ අහපංකෝ බඩුවක්"

"ඕ"

"ටානියා හෙන මඟුලක් නටලා නේ අන්න උබටත් කේස් ලු"

නම ඇහෙද්දි ම මට කන් දෙකත් හෝදගන්න ඕන වගේ feeling එකක් ආවා.අම්මා අරෙහෙම තාත්තා මෙහෙම ගගා කියව කියවා ඉන්නවා මේකි පිටසක්වල ජීවියෙක් කියලා හිතාගෙන.

රිද්මය(GL)Where stories live. Discover now