Chapter 14

174 18 9
                                    

"අනේ පලයම් බම් මේ ගෙට ගොඩවෙච්ච එකාට තේකක් වත් දෙන්නේ නැතුව මඟුලක් අහනවා"

"උබට මේ ගිනි ගහන රස්නේ තේ ඕනද බං.සිරාවට ඕයි අහන්නේ කියපන්කෝ "

"මට ඇති එකෙක් නැ.අනේ උබ එක්ක බැහැ ඕයි"

අනේ cute පොඩි එම්කා කකුලකුත් ගහන මට බනිනවා. කමක් නැහැ අද මන් ඕක මුගේ කටින් එළියට ගන්න එක ගන්නවා මයි. ඔය මදැයි පුතා හැංගි හැංගි වෙස් බැන්දා.

"ඕයි...... උබ දන්නවනේ මන් දූපත් පිස්සෙක් නෙවෙයි. උබ තෝරගත්තෙ කවුද,මන් ඒකට මුකුත්ම කියන් නැහැ.ඔච්චර මාව විශ්වාස නැද්ද ඕයි.....මට දැනගන්න විතරයි ඕන...හෙහේ...දන්නවනේ මට ඉතින් කැහිල්ල නෙ මොනාහරි දැනගන්න ඕන උනහම"

"උබ එක්ක බේරෙන්න බැහැ ඕයි....."

මූ ඒ පාර ෆෝන් එක පීරල මොනාහරි හෙව්වා.මෙච්චර හංගන්න මූ මේ මාෆියා කාරයෙක් එක්කද මන්දා යාළු වෙලා තියෙන්නේ.

"අනේ ලජ්ජයි ඕයි....ආශ්....... මෙන්න......ආයේ අහන්නෙපා"

බිම පැත්තක් බලාගෙන මගේ මූණට අල්ලපු ෆොටෝ එකේ හිටපු එකාව දැකලා තව ටිකෙන් මාව ගෙම්බා වගේ බිම පත බෑවෙනව. සෙතුම් ගොඩක් ලස්සනට හිනාවෙලා එක අතකින් හාට් එකේ බාගයක් හදලා තිබ්බා.ඌව බදාගෙන හාට් එකේ ඉතුරු ටික හදලා තිබ්බේ යොෂින්ගේ අයියා!!! මූව පතුරු ගහන්න වටිනවා ඔච්චර කල් ඕක හොරෙන් තියාගත්ත එකට!! යොෂින් වත් දන්නෙ නැතුව ඇති අයියා මෙහෙම පිස්සුවක් කෙලලා කියලා.හරි ෂෝක්

"හරිනෙ ආසාව.එච්චරයි.බලා සිටි ඔබට ස්තුති."

"අඩෝ සිරාවට!!මට කිව්ව කියලා මන් උබව මරයි කියලා හිතුවද ගස් බල්ලෝ!!දන්නවා නම් බොක්කෙන්ම සප් එක දෙනවනේ.එතකොට ඒ දවස් වල මෙයාගෙ tiktok බල බල ද රතු උනේ.දන්නවා නම් ෆොටෝ එකක් ගහලා ඌටම යවනවනේ උබ මෙහෙ නටන නාඩගම් ටික!"

"හාපෝ ඕකනේ කියන්න බැරි.මේ උබ ඕන මඟුලක් කරගනින් හැබැයි මට ආයේ රෙද්දක් ඇදන් එයා ළගට යන්න බැරි කරන්න එපා.එච්චරයි.එච්චරකට ෂුවර් උබව"

"කොයි කාලෙ ඉදන්ද ඕක"

"Meeeh........අද තමයි එම්යා හරියට confess කළේ"

රිද්මය(GL)Where stories live. Discover now