Chapter 12

200 23 12
                                    

"සෙතුම් ඔය සතාව අත අරිනවා පුළුන් නෙවෙයි ඔය!"

"අනේ ෂෝයි හලෝ මට මූව ගෙදර ගෙනියන්න ඕන"

"බල්ලො..... බලපං පන්සලේ ඉදලත් කුණුහරුප කියන්න වෙනවා උබත් එක්ක. ඔය සතාව බිමින් තියපන් ඌට රිදෙනවා.අර මිනිස්සුත් බලනවා මේ මොන විගඩමක් ද කියලා"

ඒ පාර නම් කන් දෙක ඇහුනද කොහෙද.මූ යන්තම් අම්මලා ගෙදරින් පැන්නුව නිසා පන්සලට ඇවිල්ල දැන් පූසෙක් බදාගෙන මැරෙන්න හදනවා. ඌ ඇති හයියෙන් බදාගෙන.... පව් මගේ අසරණ අළු පාට පූස් තඩියා.....පුළුන් ගොඩක් වගේ ගාගෙන මූණෙත් තියාගෙන ඌව ඉඹගෙන එකම විකාරයයි.ආවේ විභාගේ හෙට පටන්ගන්න නිසා බෝධි පූජාවක් තියලා යන්න.දැන් පුසාගෙන් පිහිට ඉල්ලන්න තමයි වෙන්නෙ.මූ පහනක් වත් පත්තු කළේ නෑ අතේ දැලි ගැවෙනව ලේන්සුවක් වත් ගෙනාවේ නැ කියලා.මල් කුමාරයාට අක්කෙක් වත් හොයලා දෙන්න ඕන බැනලා හදාගන්න....

"ඒ බං අපේ අම්මා කෝ"

"දැන් ද අම්මා මතක් උනේ.අන්න ගියා අක්කත් එක්ක මළුව අමදින්න කියලා. උඹේ ඔය විකාරේ ඉවර උනාම එක්කන් එන්න කිව්වා"

"හා...හෙහේ... ඒමත.."

"අනේ මෙහෙ වරෙම් බම් "

ඉදලක් නොතිබ්බ නිසා අපි දෙන්නා අතින් බිම තිබුණු බෝ කොළ ඇහින්දා.යන්තම් අදුර වැටීගෙන එනවා.බෝ කොළ හෙලවෙන සද්දෙ එක්ක යන්තම් තැන් තැන් වල හිටපු අය ගාථා කියන සද්දෙ ලාවට ඇහෙද්දි දැනෙන්නේ ලොකු සැහැල්ලුවක්....මන් මෙහෙට ආවේ සෑහෙන දවසකින්....නතරවෙලා හිටපු තැන ඉඳන් මෙතන්ට එන්න තියෙන පාරේ කොටසක් සෑහෙන්න පාළුයි....හවස් වෙලා තනියෙන් කෙල්ලෙක්ට යන්න එන්න පුළුවන් පාරක් නෙවෙයි..ඉතින් වැඩිය එන්න උනේම නැහැ...ඒ දවස් වල වැඩිය එළියට බැස්සෙත් නැහැ....අවුරුදු දෙකක සිලබස් මාස දෙකෙන් පාඩම් කිරීමේ මහා සංග්‍රමයක නේ මම හිටියෙ....බෝ කොළ ඔක්කොම අහුලලා ඉවර වෙලා අත හෝදාගෙන අපි ඔක්කොම පිටත් උනේ හෙට යන්න ඕනේ ඒවත් ලෑස්ති කරන්න ඕන නිසා....ඒත් මට තව එක තැනකට යන්න ඕන....

"සෙතුම්.."

"ඕ?"

"උබට මාත් එක්ක තව ගමනක් යන්න එන්න පුලුවන්ද?වැඩිය වෙලා යන්නෙ නැතිවෙයි"

රිද්මය(GL)Where stories live. Discover now