Chapter 01

341 33 3
                                    

මගේ කකුල් දෙක ළග වෙලිලා හිටපු අළු පාට පූසාගේ පුරු පුරු සද්දෙයි,හිමිහිට වැටෙන පොද වැස්ස එක්ක එන ලා හුළඟට බෝ කොළ හෙමිහිට හෙලවෙන සද්දෙයි ඇරෙන්න වටේ වෙන කිසි සද්දයක් නැහැ... ඒක හරිම නිදහස් හැඟීමක්. පෝයදාට මිනිස්සු පිරිලා මහා මල් පූජා තියන,දේවාලේ පලතුරු වට්ටි ගත්ත සෙනග පිරිලා තියෙන පන්සලට වඩා අමාවක දවස් වලට කවුරුත් නැති පන්සල ගොඩක් හිත ඇදිලා යන තැනක්.මන් ගොඩක් ආගමට බර කෙනෙක් නෙවෙයි,අඩුම බාරයක් වත් මන් වෙලා නැහැ...ඒත් නිදහසේ භාවනාවක් කරන්න...බෝ දළු දිහා බලන් හිත සන්සුන් කරගන්න... අදුරු වැටෙනකොට පහනක් තියලා එතන එළිය වෙන හැටි බලන්න.....පන්සලේ ඉන්න කාත් කවුරුත් නැති පුංචි බලු පැටව් පූස් පැටව් එක්ක කතා කරලා යන්න හිතුනු හැමවෙලේම මම පන්සලට එනවා පැයක් විතර ඉදලා යන්න.තනියම.දැනුත් මන් ආවේ හිත නිදහස් කරන් යන්න.ඊයේ බැනුම් අහලා අහලා උදේ තාත්තා යනකම් හොරගල් අහුලලා යන්තං හවස් වරුවේ එළියට පැනගත්තා. කුඩයක් වත් ගෙනාවේ නැ කවුද හිතුවේ වහින්න ගනී කියලා.හැමදාම වගේ මන් ලඟට එන අළු පුසාවත් ලගින් තියං මම වැස්ස පායනකන් අහස දිහා බලා හිටියා.මගේ අවධානය බිදුනේ ෆෝන් එක vibrate වෙනවා දැනෙද්දී.Group call එකක්?

"හලෝ කස්ටිය.....සුබ ආරංචියක් තියෙනවා"

Answer කරපු ගමන් කන කඩාගෙන යන සද්දෙ ඇහෙද්දි මන් ටක් ගාල earphone එක සාක්කුවෙන් ඇදලා අරන් ගහගත්තා.හොඳ වෙලාවට අහල පහළ කවුරුත් හිටියෙ නැත්තේ.

" අම්මෝ යොෂින් සද්දෙ.මේ පන්සලේ ඉන්නේ මන් උඩ ගියා.මොකෝ"

" අහන්නකෝ අපේ අයියා කිව්වා එයාගේ යාලුවෙක් අලුතෙන් හොටෙල් එකක් ඕපන් කළා කියලා.නුවර එළියේ.අයියට එන්න කියලා තිබ්බා family එකත් එක්ක.අයියාගේ ලගම යාලුවෙක් නිසා free .ඒත් අම්මලා එදාම china වල අපේ aunty කෙනෙක් ගේ පුතාගේ වෙඩින් එකක් තියෙනවා කියලා යන්න ඕනලු. මායි අයියයි ඒ අය එක්ක වැඩිය නැති නිසා යන්නේ නැ මෙහෙ ඉන්නවා.ඉතින් මොකෝ කියන්නේ ඔයාලා දෙන්නා එනවද නුවර රවුමක් දාලා එන්න?"

ඉස්ටිල් ප්‍රොසෙසින්......ඒ කියපු ටික තරම් වේගෙන් රේස් කාර් එකක් වත් යන්නෙ නැහැ මන් හිතන්නෙ.ඔලුව වන වනා ඕක උඩ පැන පැන එයා කියනවා ඇති කියලා හිතේ ඇදුනු විදිය නිසා මට ලාවට හිනාවකුත් ගියා.Cute.

රිද්මය(GL)Where stories live. Discover now