Chapter 02

269 30 14
                                    

"ඉල්ලාවී මේ  දෑසම...පපුතුරේ උණුහුම"

"මේ ආදරේ හිමිකම.... විදගමු සංසාරෙම"

ඔව් පින්වතුනි මම මේ දැන් ඉන්නේ යොෂින් ලගේ car එකේ සෙතුම් යොෂින් එක්ක කියන duet එක අහන ගමන්. යොෂින් අපේ අම්මට කතා කරලා,දාන්න පුලුවන් cute actions ටිකත් ඔක්කොම දාලා,සාර්ථක ලෙස බලන් හිටපු මටත් පිස්සු හදවලා කොහොමහරි අපේ අම්මා ව කැමති කරවාගත්ත මාව ඒ්වන්න.මේ අවස්ථාවේ නම් A/C තියෙද්දිත් මගේ කන් දෙකේ ඉඳන් දුම් පිටවෙනවා.යකො මූ මොකටද යොෂින් එක්ක duet කියන්නේ...අනික මෙහෙම සිංදුවක්ම?යාළුවො දෙන්න තමා ඒත් ඔච්චර රොමැන්ටික් විදියට...මූණ දිහා බලාගෙන එහෙම ඕනේ නෑනේ..නේද.අනික මගේ පොල් බූරුවා සින්දු කියන්න දන්නෙත් නැහැ...ඌව ක්‍රිටිසයිස් කරනවා නෙවෙයි ඒත් දන්නේ නැති දේවල් නොකර ඉන්න ඕන.මන් වගේ පුළුවන් එකෙක් නම් කමක් නැ ඔන්න.මන් ඒ සින්දුව දන්නේ නැති එක වෙනම කතාවක්.

"ඉල්ලා-"

"හා ඇති ඇති dear superstar.උඹේ කිංකිණි කටහඩට වශී වෙලද කොහෙද මගේ කන් දෙක ඇහෙන්නෙත් නැ වගේ"

"Like a fever..fever..fever-"

"හත්තික්කෙ අර අහිංසක කොල්ලො ටික ට මේවා ඇහුණොත් -"

"අනේ මේ,විකාර නොකියා වරෙන් උබත් සින්දුවක් කියන්න. යොෂින් permission අරන් දීලා ඔක්කොම ready කරලා තියෙද්දීත් උබ නිකං බකමූණා වගේ ඉන්නවා රෙද්ද"

"උබ ඉතින් අහගන්නවා දැන් මගෙන්.පාන්දර තුනේ ඉඳන් කෝල් කර කර වද දුන්නා.නිදීමතයි බූරුවෝ මට තමුසේගේ වැඩ හින්ද"

"ඉතින් උබට නින්ද යයි කියලා call කරේ."

"හවස 6 වෙනකම් නින්ද යන්න?අනේ හු -"

කියන්න ගියපු එක කියන්න දෙන්නේ නැතුව සෙතුම් මට ඇහෙන් ඉගි කළේ යොෂින් ගේ අයියා ව.මළ හත්තිලවිවයි මම පිස්සෙක් වගේ හැසිරුණාට එයාව මතක් උනේ නැනේ.සිකේ මොනවා හිතුවද දන්නේ නැ. යොෂින් නම් කටත් වහගෙන හිනා වෙනවා.එයා හිනා වෙද්දී සුදු නිසා මුළු මුනම රතු වෙනවා ඇස් සම්පූර්නෙන් ම වගේ වැහෙනවා.දිග ඇස් පිල්ලම් අස්සෙන් ලාවට පේන තද නිල් ඇස් දෙක ආපහු මාව වෙනමම ලෝකෙකට ගෙනිච්චේ මටත් නොදැනී.එයා ඇත්තටම වෙලාවක ට භාවනාවක් වගේ..හිතේ තියෙන අනික් හැමදේම මොහොතකට අයින් වෙලා එයා වෙනුවෙන් ම විතරක් වෙනම ඉඩක් හැදෙනවා...  මම හරි සිහියට ආවේ කා එක එක පාරට නතර කරලා අයියා කතා කරලා cafe එකකට ගිහින් මොනාහරි බීලා එමු කියලා කියද්දී.ආශ්....මට පිස්සුද මෙයාගෙ ලස්සන බල බල ඉන්න මේ නිදිමතේ ඇස් දෙකත් වැහෙන්න එනවා.

රිද්මය(GL)Where stories live. Discover now