Chapter 03

221 26 12
                                    

මේක කොහොමද දාන්නෙ?
අලුත් යුනිෆෝම් එක අදින්න ගිහින් මට ආපු 193738 වැනි ප්‍රශ්නේ ඒක.Buckle එකයි ගවුමේ පටියයි අත් දෙකට අරන් මන් ඒ දිහා ඔහේ බලන් හිටියේ මොන අරමුණෙන් ද කියන්න මන් දන්නෙ නෑ...ජීවිතේට මෙහෙම Casual එකක් වත් ඇදලා නෑනේ...කලින් ඉස්කෝලෙ සහ මේ යන්න යන එකේ වෙනස යුනිෆෝම් එකේ ඉදලම මට තේරිලා තිබ්බෙ...කොහොමහරි අම්මා ඇවිල්ල බකල් එක දාලා දුන්නේ නැත්තං මන් හිටියෙ යොෂින්ට කෝල් කරන්න.

"අනේ මගේ කෙල්ල.දැන් හොඳ ඉස්කෝලෙක ඉගෙනගන්න නේද යන්නෙ.දෙයියන්ගේම පිහිටයි දරුවෝ වැඩ ටික හරියටම කරගන්න ඕන"

අම්මා කිරිබත් ටික කවලා ඉවරවෙලා කිවේ ආදරෙන් මගෙ ඔලුව අතගාන ගමන්. අම්මාගේ නොතේරෙන අර personalities දෙකේ ප්‍රශ්නේ ආයෙම මාව confuse කරත් ඒ වචන ටික තිබ්බ එයාගේ ආදරේ නම් නොසෑහෙන්න මට දැනුනා.තාත්තාගේ car එකේ සෑහෙන කාලේකට පස්සේ ගිහිල්ලා මම gate එක ඉස්සරහ බහිද්දි යොෂින් එතන මන් එනකම් එයාගේ ලස්සන හිනාවෙන් බලන් ඉන්නවා දකිද්දී මගේ පපුව ආයෙත් පිස්සුවෙන් වගේ ගැහෙන්න ගත්තා.අන්තිමට මට හැමවෙලේම එයා ලගින් ඉන්න chance එකක් හම්බවුනා!අපි දෙන්නා දැන් එකම ඉස්කෝලෙ!!!.ග්‍රහ චක්‍රය විරුද්ධ දිසාවට යනවා ද කොහෙද මේ දවස් වල ගොඩක් සතුටු හිතෙන දේවල් උනානෙ!!!
.
.
.
.
..
.
.
.
"අංක 5....,ච..උන්..... යු ......ක්....ෂින්..ග්...මොකද්ද ළමයෝ මේ නම හරියට ලියලාද තියෙන්නේ?"

"මිස් මගේ නම Chún yù xīng(纯玉星)"

"මිස් එයා chinese.එයාට යොෂින් කියලා කතා කරන්න."

එහා desk එකේ හිටපු ළමයා යොෂින්ගේ Wtf expression එක දිහා බලලා හිනාවෙලා කිව්වා.

"අහ් හරි හරි.අනේ මන්දා දැන් කාලේ ළමයින්ගේ නම්.කියවගන්නත් බැහැ"

ඒ වෙලාවෙ ඉන්ටවල් එක තිබුණේ. යොෂින්ලාගේ පන්තිභාර වයසක මැඩම් කන්නාඩි දෙකත් අල්ලාගෙන නම කියවන්න දුන්න ගේම මම දැකලා මම හිටියේ හිනාව තද කරගෙන පුපුරන ආසන්නව. ආර්ට් සෙක්ෂන් එක උඩම තට්ටුවේ තිබුණේ. යොෂින් හිටියේ ඊට පහළ තට්ටුවේ.එයා කළේ maths නේ.අපේ පන්තිවල කොරිඩෝ එක පැත්තට ගහලා තියෙන්නේ වීදුරු ජනෙල් නිසා බිල්ඩින් එකේ එහාපැත්තෙ පන්ති ටිකයි ඊට පහළ පන්තියි හොදට පේනවා.උදේ වරුවේ ම උගන්නන්නේ නැතුව කට්ටියව අදුරගත්ත එක තමා අපි මිස්ලා එක්ක කළේ.අපිට හිටියේ තරුණ මිස් කෙනෙක්.එයාමයි අපිට chinese කළේ .අපිත් එක්ක කතා කළේත් යාලුවෝ වගේ.මන් කම්මලිකමටත් එක්ක පහළ යොෂින් ගේ පන්තිය දිහා තමයි බලන් හිටියේ අනික් අය එයාලගේ කතා වල ඉද්දී. ඉන්ටවල් එක ආපු ගමන් මං දඩිබිඩි ගාල එයාලගේ පන්තියට ආවාට කොහෙද,මේකේ මැඩම් දැනුයි රෙජිස්ටර් එක මාක් කරන්නේ. මාව දැක්ක නිසාද කොහෙද යොෂින් excuse කරලා පංතියෙන් එළියට ආවා.

රිද්මය(GL)Where stories live. Discover now