CHAPTER 02

355 75 20
                                    

පාන්දර පහ හමාරට එර්ලාම් එක වැදෙනවත් එක්කම මන් නැගිටලා ලෑස්ති උනේ ඉස්කෝලෙට යන්න.මට ඉතින් අහපවු ඔය අනිත් අය වගේ මහ ලොකු හදිසියක් තිබ්බේ නෑ මොකද ගෙදර ගාව ඉදන් පයින් ගියත් විනාඩි 15න් වගේ ඉස්කෝලේ ඉන්න පුළුවන් උනා.පින තමා ඉතින් පින.රිතුවා පාන්දර හතරේ ඉදන් නැගිටන් එන්න ඕනේ ඌ ඉන්නේ හොරණ නිසා පව් ඕකා.ඒ අතින් දුර ඉදන් ඉස්කෝලේට එන ලමයි ගැන මට සෑහෙන්න දුක හිතුනා.සමහරක් වේලාවට මන් දැකලා තියනවා වෑන් වල බස් වල එන ලමයි එහෙමම එද්දිත් නිදාගෙන එනවා.ඇත්තටම මට පවු කියලා හිතුනා ඒ ලමයි ගැන.තමන්ගේ අනාගතය වෙනුවෙන් නේද මේ හැමදෙයක්ම කරන්නේ කියලා හිතුනම මන් හැමදාම මට පුළුවන් විදියට ප්‍රාර්ථනා කලා ඒ ලමයිගේ ජිවීත කාලකණ්ණි නොවී ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙන්න කියලා.

එර්ලාම් එකට ඇහැරිලා ඉස්කෝලේ යන්න ගියත් මොකද මගේ ඇස් දෙකට දැනුනේ පුදුම බරක් එක්ක ඔලුව කැක්කුමක්.ෆස්ට් ශයි ඒකේදිම ගෙදරින් තිබ්බ පීඩනෙට පිං සිද්ධ වෙන්න මට මිග්ග්‍රේන් හැදෙද්දී එයාලටම පිං සිද්ධ වෙන්න මන් දැන් බෙහෙත් බොනවා.සැරෙන් සැරේ වැඩි වෙන ඔලුවේ කැක්කුම දරාගෙන ඉන්න බැරිම තැනම බෝක්ස් ඒකේ දාලා තිබ්බ බෙහෙත් ටික අතට ගත්තා.බෙහෙත් ටික අතට අරන් බොන එක ලේසී උනත් ඒ බෙහෙත් ටික බීපූ ගමන් විදින්න වෙන ප්‍රතිඵල වලට ඇත්තමයි මට බය හිතුනා.බෙහෙත් ටික බීලා පැය භාගයක් යන්නෙවත් නැතුව එන තද නිදිමත මගේ වැඩ වලට ගොඩක් බාධාවක් වෙද්දී අතට ගත්තු බෙහෙත් ටික අහපවු එහෙමම බොක්ස් එකට දැම්මා.එහෙමම බොක්ස් එක ඇතුලේ තිබ්බා වික්ස් එක විතරක් අරන් නලල දෙපැත්තේ ගා ගත්තා.අනේ දෙයියනේ මන් මේ වික්ස් එක හදපු මනුස්සයට සෑහෙන්න පිං දෙනවා.වික්ස් එක ගෑවට පස්සේ සම්පූර්ණයෙන්ම ඔලුව කැක්කුම අඩු නොවුනත් දරාගන්න පුළුවන් මට්ටමකට ඔලුවේ කැක්කුම අඩු උනා.වික්ස් එක නැතුව අර ලබ්බේ බෙහෙත් බොන්න ගිහින් ඉස්කෝලේ මෙලෝ වැඩක් නොකර නිදාගන්න වෙයි කියන බයට මන් හැමදාම උදේ වරුවේ බෙහෙත් වේල හැමෝටම හොරෙන් හැංඟුවා.කමක් නෑ ආදිත්‍ය විදවපම් මේ ඔක්කොම උබේ වැරදි.කිවෙනි වතාවටද කියලා හිතාගන්න බැරි විදියට අහපවු බර හුස්මක් මගෙන් පිට උනා.කවදා මේ හැමදෙයක්ම ඉවරයක් වෙයිද!!??මන් ගාවවත් උත්තරයක් නැති ප්‍රශ්නයක් මන් හැමදාම වගේ මගෙන්ම අහනවා.

බොඳ මීදූම් ||𝐓𝐡𝐞 𝐁𝐥𝐮𝐫𝐫𝐞𝐝 𝐦𝐢𝐬𝐭Where stories live. Discover now