CHAPTER 04

352 61 22
                                    

ලැබ් ඒකේ දොර ඇරෙන සද්දේ ඇහෙනවත් එක්කම මන් අනිත් පැත්තට හැරිලා නිදි වගේ හිටියේ මගේ කඳුලු පිරුන රතු වෙච්ච මූණ කාටවත් පෙන්නන්න ඕන නැති නිසා.මට තිබ්බේ පොඩ්ඩ ඇත්නම් රතු වෙන මූණක් පොඩ්ඩක් තදින් ඇල්ලුවත් ඇති එතන රතු වෙනවා.හරියට අපේ අම්මගේ හම වගේමයි.මේ පැංචගේ හිත වගේම හමත් සංවේදීනේ අයියෝ.දොර ඇරිලා අහපවු දොරේ ලොක් එක වැටෙනවත් එක්කම මගේ පපුව රේස් දුවන්න ගත්‍තා.ඒ එක්කම ආපූ කෙනා පුටුවක් අරගෙන වාඩි වෙද්දි ආපූ කෙනා කවුද කියලා මට අමුතුවෙන් හිතන්න ඕන උනේ නෑ.නහය කඩාගෙන ආපූ සුවඳත් එක්ක ඒ කවුද කියන්න මන් අඳුරගත්තා.ඒක ලැවෙන්ඩ්‍රා මික්ස් වෙච්ච රෝස් සුවඳක්.තාත්තා මට රට ඉදන් එවපු ලැවෙන්ඩ්‍රා පර්ෆියුම් එකෙත් මේකට සමාන සුවඳක් ආවත් සුවඳවල් දෙකේ මොකක්ම හරි වෙනසක් තිබ්බා.ඉතින් එයාගේ සුවඳින් උනත් මට එයාව අඳුරගන්න පුළුවන් වෙන තරමට මේ ආදිත්‍ය එයාට බැඳිලා.ඒත් මට හිතුනේ ඉස්කෝලේ ඉවර වේලා ලොකු වේලාවක් ගිහින් තිබ්බත් ඇයි තිදස් තමා ගෙදර ගිහින් නැත්තේ කියලා.ඒක ගැන කල්පනාවෙන් හිටපු මට එක පාරටම ඇහුනේ instrument එකක සද්දයක්.අනිවාර්යයෙන් ඒක ගිටාර් එකක්.මන් ඔලුව ඉස්සුවේ නෑ මගේ ඔලුව ඒ සද්දෙත් එක්ක ඉස්සිලා තිදස් දිහා බලද්දි තිදස්ගේ අතේ දිග ඇඟිලි ගිටාර් ඒකේ ස්ට්‍රින්ග්ස් අතර ලස්සනට යනවා.එයා මන් දිහා එක පාරක්වත් නොබලා ගිටාර් එක ප්ලේ කරද්දී මන් එයාගේ දිග ඇඟිලි මොන තරම් නම් ලස්සනට ගිටාර්ගේ ස්ට්‍රින්ග්ස් අතර යනවද කියලා බලන් හිටියා.

මිහිරැතිම තැන් වලින් මිටක් ගෙන සරසන්න

එත හැකි නම් නුඹට සවස් වල හමුවන්න

මේ ගෙවන දවස් වුව කමක් නෑ විදගන්න

ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්න.

ලස්සනයි.කියන්න බැරි තරම් ලස්සනක් එයාගේ කටහඬේ තිබ්බේ.ඒ මුහුදක් තරම් ගැඹුරු කටහඬේ තිබ්බේ පුදුම ලස්සනක්.මන් මීට කලින් කවදාවත් තිදස් සිංදු කියනවා දැකලා තිබ්බේ නෑ.දෙයියනේ එයාගේ කටහඬ භාවනාවක්.

පපුවකට තියා හිස හැකි නම් නිවෙන්

මෙච්චර වේලාවක් ගිටාර් ස්ට්‍රින්ග්ස් අතරම විතරක් ඇස් තියාගෙන හිටපු එයා එක පාරටම මගේ මූණ දිහා බලන් පද පේලී කියන්න ගද්දී මගේ ඇඟ හිරි වැටිලා ගියා.

බොඳ මීදූම් ||𝐓𝐡𝐞 𝐁𝐥𝐮𝐫𝐫𝐞𝐝 𝐦𝐢𝐬𝐭Där berättelser lever. Upptäck nu