CHAPTER 03

333 63 25
                                    

මායි රිතුමුයි ගේට් එක ගාවට යද්දිත් ශාක්‍ය දාගෙන ලමයෙක්ට බනිනවා.අනිවාර්යයෙන්ම ඒ පොඩි එකා මොකකට හරි කටගහන් යන්න ඇති.ශාක්‍යට තියෙන්නේ පුදුම personality එකක්.මට ඒක කියන්න තේරෙන්නේ නෑ ඒත් ඌ පට්ට.කොල්ලෙක්ට තියෙන්න ඕනේ ගාම්භීරකම ශාක්‍යට ඒ විදියට තිබ්බා.මාර ඩීසන් ලුක් එකක් ඌට තිබ්බේ.තිදස් කියලා වෙනසක් නෑ.ඇත්තටම තිදස් ට ඒ ලුක් එක ඕනවටත් වඩා තිබ්බා.තිදස් ගැන හිත හිත ඉන්නකොටයි මම ඈතින් ඉන්න තිදස්ව දැක්කේ.

අපේ ඉස්කෝලේ සාමාන්‍යයෙන් සිනීයර් prefect ලට top board ඒකේ ඉන්න දහ දෙනාට වගේම ඉස්කෝලේ තිබ්බ ප්‍රධාන සංගම් වල ලමයිට අත් දිගට අදින්න පුළුවන්.එහෙම අත් දිගට ඇන්දමත් මාර ලස්සනයි.මන් ඉතින් නවයේ වසරේ ඉදන්ම අත් දිගට ඇන්දා.මොකද මන් ඒ කාලේ ඉදන්ම ඉස්කෝලේ රේඩියෝ කල්බ් එකෙයි Broadcasting team එකෙයි හිටියා.ඒ කාලේ ඉදන්ම මට ලස්සනට සිංදු කියන්න පුළුවන්.හැමෝම ඒක ගැන කියද්දී උනත් මට ඒක තේරුනා.එහෙමයි කියලා මන් මගේ තිබ්බ දක්ෂතාවය කොයිම වේලාවකවත් ඇති උන ලැජ්ජාවක් නිසා වහං කරන් හිටියේ නෑ.කටහඬේ තිබ්බ ලස්සන නිසාම රිතුම් මගේ නම ඉස්කෝලේ radio club එකට දීලා තිබ්බා.එතකොට radio club එක භාරව හිටියේ ස්වප්න අයියා.එයා මගේ කටහඬ අහපු ගමන්ම broadcasting team එකටත් දැම්මා.ඒ කාලේ අපි නොගියපු සංගමයක් නැති තරම්.රිතුම් මාව ඇදගෙන හැම මඟුලට ගියා.මාත් ඉතින් ඌ එක්කම ඇදී ගෙන ගියා.ඒකේ ප්‍රතිඵලයක් විදියට පොඩි කාලේ ඉදන්ම ඒකී මේකී හැම සංගමයකටම අපි දෙන්නා බැදිලා හිටියා.dancing club,drama society,swimming club,senior brass band හැම එකකම වගේ මායි රිතුවයි හිටියා.

මන් බලන් හිටියා තිදස් දිහා එයා අත් දිගට ඇදලා වැලමිට ගාවින් නවලා තිබ්බා.පුදුම තරම් ලස්සනයි දෙයියනේ මේ මිනිහා.ඇත්තමයි තරහාකාරයා උනාට මොකද මන් දන්නවා මන් තිදස්ව තරහාකාරයෙක් කරගත්තෙත් මගෙන්ම මගේ ඇත්ත හැඟීම් හංගන්න කියලා.මේ මිනිහා ඉස්සරහා මන් දිය වෙනවා වගේ ඒ තරම් ලස්සනයි මේ මිනිහා.එයා ලමයෙක්ගේ කොන්ඩයක් ගැන අල්ලගෙන බනිනවා හෝ ගාලා එක වේලාවක අත් දෙකත් පිටි පස්සට කරගෙන බනින එයාව ඈතට ඇත්තටම ලස්සනට පෙනුනා.පුදුම ගාම්භීරකමක් තියෙන්නේ එයාට.HP කෙනෙක්ට තියෙන්නේම ඕනේ දේ එයා ගාව තිබුනා.එයාව ඇත්තටම පොඩ්ඩ පොඩ්ඩ කෝපී කෝප්පයක් රහ බලන ගමන් නිරීක්ෂණය කරන්න ඕන රූපයක්.

බොඳ මීදූම් ||𝐓𝐡𝐞 𝐁𝐥𝐮𝐫𝐫𝐞𝐝 𝐦𝐢𝐬𝐭Where stories live. Discover now