අදත් පාන්දර පහ හමාරේ එර්ලාම් එකට ඇහැරුන මන් ඉක්මනට ඉස්කෝලේ යන්න ලැස්ති වේලා අම්මටත් වැදලා ගෙදරින් එලියට ආවා.අද අපේ අම්මා නිවාඩු.නැන්දලා හත්මුතු පරම්පරාවත් එක්කන් අද අපේ ගෙදර එනවයි කියලා පෙරේදා කෝල් කරලා කිවුවට පස්සෙ අපේ අම්මා ඊයේම ගෙදර ඉන්න නිවාඩූවක් දාගෙන තිබ්බා.දැන් ඉතින් අපේ අම්මා කඩේ පොලේ ගිහින් ලෝකේ නැති කෑමේ ජාති හදලා නැන්දලාට කවයි.මන් ඇත්තටම හරි කැමති අම්මගේ ඒ ගතිගුණේට.එයා කවුරුහරි ගෙදර ආවෝත් කවදාවත් සලකන්නේ නැතුව යවන්නේ නෑ.පුළුවන් උපරිමයෙන්ම එයා සලකනවා.ඒක හරි ලස්සන ගතිගුණයක්.මන් එහෙම බස් එකට නැඟලා ඉස්කෝලේ ලඟින් බැස්සා.හේතුවක් දන්නේ නැති උනත් ඉස්කෝලේට ඇතුල් වෙනවත් එක්කම මගේ පපුව නුහුරෙට ගැහෙන්න ගත්තා.තිදස්ව අදත් හම්බෙනවා නේද කියලා මතක් වෙද්දි අමුතුම සතුටකින් මගේ හිත වහගත්තා.මේ වෙනකොට තිදස් අනිවාර්යයෙන්ම ඇවිත් ඇති.දැන් වේලාව හය හමාර ටිකක් පහු වේලා තියෙද්දි මන් සිකියුරිටි අන්කල්ටත් ගුඩ්මෝර්නිග් කියාගෙනම ප්‍රිෆෙක්ට් රූම් එක ඇතුලට ගියා.දොර ලොක් කරලා නැ ඒ කියන්නේ තිදස් අනිවාර්යයෙන් ඇතුලේ ඇති.අනේ දැන් නම් ඉතින් මේ පැංචගේ පපුව එක සීය ගානට ගැහෙනවා.මන් මුලින්ම මගේ ඔලු ගෙඩිය විතරක් රූම් එක ඇතුලට දාලා පස්සේ මගේ මුලු සර්වාංගෙම දැම්මා.රූම් එකට ගියත් මොකද මන් බලාපොරොත්තු උන රූපේ එතන හිටියේ නැ.මගේ හිතට එකෙන් ටිකක් දුකක් දැනුනත් ඒ දුක එහෙමම නැති වේලා ගියේ පුටුව උඩ තිබ්බ බෑග් එකයි ෆෝන් එකයි දැකලා.ඒ කියන්නේ තිදස් ඇවිත්.ඒත් එයා ඇවිත් නම් කොහෙද.අඩුම මට එන ගමන්වත් එයාව හම්බුනේ නැති කොට එයා කොහෙද කියන එක මන් කල්පනා කලා.ඒ කල්පනාව පිට හිටපු මන් ගැස්සිලා ගියේ පුටුව උඩ තියෙන ෆෝන් එක වයිබ්‍රේට් වෙන සද්දෙට.පැංචා බය වෙනවනේ අයියෝ පොඩි දේටත්.ම්හුක්.
මන් ශේප් ඒකේ දොර දිහා බලලා තිදස්ගේ ෆෝන් එක ලඟට කිට්ටු උනා.වැරදි තමයි ඒත් වැරදි කියලා අම්මගේ සුදු පූතා මේ වැඩ නවත්තනවද.මන් ශේප් ඒකේ අහපවු දොර දිහා බලලා තිදස්ගේ ෆෝන් ස්ක්‍රීන් එක ඔන් කලා.
07 missed calls from Dad
Tanya❤️
බේබී මන් අද එනවා ඕකේ මාව ගන්න එන්න.මන් ඉන්නේ කොහෙද මොකක්ද කරන්නේ කියන එක මොහොතකට මට අමතක වෙද්දි මගේ අතින් තිදස්ගේ ෆෝන් එක අත ඇරුනා.පපුව දිගේ හිනීයට කිනිස්සකින් රැලි අඳිනවා වගේ තේරෙද්දි හැමදාම වගේ හැඟීම් දාස් ගාණනක් හංඟන් කාටවත් නොකියා පහලට බහින ඒ කඳුලු කැට අදත් මගේ ඇස් වලින් මටත් හොරා වාන් දැම්මා.අනේ දෙවියනේ ඇයි මටම මෙහෙම වෙන්නේ.එ..එතකොට තිදස්ට කෙල්ලෙක් ඉන්නවද.ඒකද තිදස්ගේ බයික් ඒකේ හැමතිස්සෙම extra හෙල්මට් එකක් තියෙන්නේ.හැමදේම එකින් එක අහපවු මට තේරුම් යද්දි සත්තයි මන් මගේ හැඟීම් වලට ලියලන්න දුන්න අවස්ථාවට සිය දහ්ස් වාරයක් පසුතැවුනා.හැමදාම වගේ ඒක පාර්ශ්වික හැඟීමක් හිතේ තියන් මම විඳවනවා.අනේ අම්මේ මට රිදෙනවා අම්මේ.ඔයාගේ සුදු පුතාට රිදෙනවා.
YOU ARE READING
බොඳ මීදූම් ||𝐓𝐡𝐞 𝐁𝐥𝐮𝐫𝐫𝐞𝐝 𝐦𝐢𝐬𝐭
Non-Fiction""සැනසීම"" ඒ වචනේ තේරුම මොකක්ද කියලා හොයන එකත් මට අකැප දෙයක් වෙද්දී හැමදාම මම පිටකරන ඒ බර හුස්මත් ඒ විදියටම අදත් පිට කලා.ජීවිතයේ අමාරුම සීත ඍතුව ගෙවමින් උන්න මට ඒ අඩම්බරකාර ඇස් දෙක අහම්බයක් නොවන අහම්බයකින් මුනගැහෙද්දී මගේ වසන්තයට පාර කැපිලා තිබ්බා.ඒ...