CHAPTER 06

359 59 22
                                    

තිදස් කියපු දේවල් එක්ක අහපවු රූම් එක ඇතුලට යන්න හිතක් නැති වෙනකොට මගේ කකුල් එහෙමම ගෑටුවේ ඩාන්සින් රූම් එකට.මන් දැන් පැයක් තිස්සේ මේ ඩාන්සින් රූම් එක අස්සට වේලා කල්පනා කරනවා.වෙන මොනවා ගැනවත් නෙවෙයි තිදස් මට කියපු දේවල් ගැන.ඉවසීම.එයා මට කිවුවේ ඉවසන්න කියලා වෙනකොට මන් හැමදාම ඒ දේ කලා.කඳුල් ඇස් අඟින් ගිලිහෙලා ඇස් වල කඳුලි හිඳිලා රතු නහර ඇස් වලින් පේන තරමට මන් මේ මනුස්සයා නිසා ඉවසලා ඇති.නවය වසරේ ඉදන් මගේ හිතේ ඇතිවුනු ඒක පාර්ශ්වික හැඟීම් අම්බරයට හේතූ උන මූලය එයා වෙනකොට ඒ මනුස්සයාගේ හැඟීම් දිනාගන්නම මන් ඉවසපු තරම් දන්නේ මන් විතරයි.ඉවසීමේ අන්තිමේදී හිතේ ඇතිවුන ආදරය කියන ඒ හැඟීමම වෛරයකට මන්ම පෙරලුත් මන් කොහොමද ඒ මනුස්සයට එක හිතකින් වෛර කරන්නේ.උබේ සහස් අසරණයි තිදස්.උබ වගේ එකෙක්ගේ උරුමක්කාරයා වෙන්න මේ සහස් ඉවසපු ඉවසිල්ල උබ දන්නවා නම් කවදාවත් උබ අහපවු කියන්නේ නෑ මට ඉවසලා ඉන්න කියලා.ඒ ඉවසීම නිසාම කොච්චර තැන් වලදී නැගිටගන්න බැරි තරමට මන් වැටුනද කියලා දන්නෙත් මන් විතරයි.උබව මතක් වෙද්දිත් ජීවිතේ තිබ්බ ලස්සනම තැන් වලට මන් පාවේලා ගියා.ඒ අතීතය මගේ හැඟීම් ගොලු කරද්දී මන් අහපවු හේතුවක් නැතුවම බය උනා.

"ආදී පූතේ!!!පූතේ"

ලාවට ඇහුනු දමිත්‍රී මිස්ගේ කටහඬත් එක්ක මන් හරි සිහියට එද්දී මගේ ඇස් වලින් ගලා යන වතුර වල උනුහුම මට දැනුනා.වතුර උනාට මොකද හැඟීම් සිය දහස් ගණනක් වලලා පිටාර දාන ඒ කඳුලු මගේ ජිවීතේ එක්කෙනෙක්ටම වෙන් වේලා තිබ්බා.උබ අහපවු ඒවා ඇස් වලින් පිටට දාන්න පටන් අරන් ආදී.පුදුමයක් නෙවෙයි එයා ගැන මතක් වෙද්දිත් කඳුලු වාන් දාන තරමට මට එයා එක්ක තියෙන්නේ හොඳ මතක ගොන්නක් නෙවෙයි.බිඳිච්ච කෙනෙක්ට ආදරේ කරන්න කරන්න කියලා දුන්න ඒ මනුස්සයාට මන් මගේ මුලු හදවතම ලියලා දීලා.එයා මගේ උනත් නැතත්!!!!

"ආදී!!!පූතේ!!!"

'මිස්....'

"මොන ලෝකේද ඉන්නේ ආදී.ඇයි මේ අඬන්නේ"

'මුකුත් නෑ මිස්'

මට දෙන්න උත්තර නෑ දෙයියනේ.මොකක්ද මන් කියන්නේ.කොල්ලෙක් වෙනුවෙන් තියෙන හැඟීම් නිසා මන් විඳවනවා කියන්නද.මිස් මාව කොහොම භාර ගනීද.

බොඳ මීදූම් ||𝐓𝐡𝐞 𝐁𝐥𝐮𝐫𝐫𝐞𝐝 𝐦𝐢𝐬𝐭Where stories live. Discover now