CHAPTER 09

378 55 23
                                    

ගෙදර දොර ඇරලා සහස්ටත් එන්න කියාගෙන ඇතුලට ගියපු මම කාමරේට ගිහින් බෑග් එක තියලා අහපවු සාලේට ආවා.සාලේට එන කොටත් තිදස් සෝෆා ඒකේ ඉදගෙන ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා.එහෙමම තිදස් ලඟට ගියපු මම එයා ගාවින්ම වාඩි උනාම ඒ ඇස් ෆෝන් ඒකෙන් මගේ මූණට මාරු උනා.මන් කිවුවද එයාගේ ඇස් පුදුම තරම් ලස්සනයි කියලා.හැමදාම දැක්කත් හුස්ම ගන්න වාරයක් ගානේ මට තිදස්ගේ ඇස් දිහා බලන් ඉන්න පුළුවන්.හති වැටිලා හති වැටිලා එතන අන්තෙටම වැටුනත් මට පුළුවන් මේ මනුස්සයගේ ඇස් දිහා බලන් ඉන්න.හැඟීම් දෝරේ ගලන ඒ ඇස් දිහා මට මැරෙනකන් උනත් බලන් ඉන්න පුළුවන්.

""සහස් මන් දිහා ඔහොම දිගටම බලන් ඉන්න ද හදන්නේ""

ඉදකින් අද දවස නම්.තැනක් කොතනක් නැතුව ලැජ්ජ වෙන අද දවස ගැන මට ඇති උනේ පුදුම තරම් තරහක්.මගේ මූණ දිහා බලලා තිදස් කියපු කතාවට ඇත්තටම මට ලැජ්ජ හිතුනා.මන් කිසිම හේතුවක් නැතුව ඒ මූණ දිහා බලන් ඉදලා.තවත් මේ ලැජ්ජාව දරන් ඉන්න බැරි කොට එතනින් නැගිට්ට මන් ඉක්මනට කුස්සියට ගියේ සහස්ට මොනවා හරි බොන්න හදන් එන්න.මට සීයට දෙසීයක් ෂුවර් තිදස් දැන් අර ලා හිනාවත් එක්ක මන් යන දිහා බලන් ඉන්නවා ඇති.දකින්නේ නැතුව උනත් ඒ මනුස්සයගේ මූණේ ඇති වෙන හැඟීම් ගැන මට කියන්න පුළුවන්.

කුස්සියට ආපූ මම වතුර ටිකක් අරගෙන හීටර් එක ඔන් කලා.වතුර එක රත් වෙනකන් මටත් එක්ක කෝප්ප දෙකක් ලෑස්ති කරපු මම වතුර එක රත් වෙනකන් බලන් හිටියා.

""සහස්""

තිදස්ගේ සද්දෙත් එක්ක පිටිපස්ස හැරුන මම දැක්කේ තිදස් දොර මුල්ලට වේලා අත් දෙකත් සාක්කු දෙකට දාගෙන මන් දිහා බලන් ඉන්නවා වෙනකොට එයාගෙන් ඒ පේන කඩවසම් බවට මගේ ඇඟේ අමුතු හිරියක් ගලාගෙන ගියා.

""දෙන්න මන් ඕක කරන්නම්.සහස්ගේ අත රිදෙන්න ගනී""

"තිදස් දන්නවද"

""නෑ.සහස් කියන්න ඒ විදියට මන් කරන්නම්""

යසයි යසයි සල්ලිකාර පුත්‍ර රත්නය.ඉදකින් යකෝ තේ එකක් වත් හදාගන්න බෑ.ඒ උනාට දෙන්නේ දාර්ශනික ටෝක්.මුන් ඔක්කොගෙම ප්‍රෝඩාවනේ අප්පා.කට විතරයි වැඩ නෑ.මේ පැංචා ඉන්නම ඕනේ මේවා මුන්ට කියලා දෙන්න.

බොඳ මීදූම් ||𝐓𝐡𝐞 𝐁𝐥𝐮𝐫𝐫𝐞𝐝 𝐦𝐢𝐬𝐭Unde poveștirile trăiesc. Descoperă acum