CHAPTER 07

298 59 13
                                    

පක්කු ටික හොඳක් වෙන්නේ නෑ ඕකුන්ට.ඔක්කොම කරන්නේ මටම තමා.මන් දැන් පැයක් විතර තිස්සේ ප්‍රිෆෙක්ට් රූම් එක අස්සට වේලා අර පොඩි කාලේ ඉදන් මාත් එක්ක එකට ඉන්නවා කියන නමට යාලූවටයි ඔලු බක්කටයි හිතෙන් බැන බැන ඉන්නවා.අදත් වෙනදා වගේම ඉස්කෝලේට ආපූ මගේ මූණටම තිදස්ව හම්බෙද්දී එයා මාත් එක්ක ලාවට හිනා වේලා එන්න කියලා කිවුවා.එයත් එක්කම ප්‍රිෆෙක්ට් රූම් එකට ආපූ මම අහපවු එයත් එක්කම ඩියිටු කලා.අද මේ ගෙවුන කාලයෙන් වැඩිම වේලාවක් මන් තිදස් එක්ක ගත කරද්දී ඉස්සර ඉදන් මට දැනුනන මගේ කාලකණ්ණිකම මට හොයාගන්නවත් බැරි උනා.තිදස් කියන්නේ ඇත්තටම මැජික් එකක්.එයා මගේ කාලකණ්ණි ජිවීතේට මායාකාරයෙක් වගේ ඇවිත් ඒ කාලකණ්ණි කම ටිකෙන් ටික අයින් කරන ගමන් ඉන්නවා.

ඩියුටි ඔක්කොම ඉවර උනාට පස්සේ අපි තියෙන ඔක්කොම වල්පල් ප්‍රිෆෙක්ට් රූම් එක අස්සට වේලා කියව කියව හිටියා.ඇයි හත්දෙයියනේ කරන්න මඟුලක් නෑනේ.කොහොම හරි ගයනි මිස් ගෙන් අපිට අහපවු ග්‍රවුන්ඩ් එකට ගිහින් ඩියුටි කරන්න කියලා පණිවිඩේ ලැබුනේ එහා වැටේ ඉස්කෝලේ ඇවිත් තියෙන නිසා.කොහෙමෙන් කොහොම හරි අපි වල්පල් කියවන එක නවත්තලා ග්‍රවුන්ඩ් යන්න හැදුවත් මාව නැවැත්තුවේ තිදස්.

""සහස් පාඩම් කරන්න ග්‍රවුන්ඩ් එන්න ඕනේ නෑ""

යැක යැක යැක තමා.උගේ කතාවට රිතුවත් එකඟ වෙද්දී උන් ඔක්කොම පිසාචයෝ ටික මේ අහිංසක පැංචව මේ පාලූ කාමරේ තනි කරලා ගියා.අනේ හෙනම ගහපම් පොල්පිති මූකලන් බස්සෝ ටිකට.හුත්ත...

මන් මේ දාගෙන ගුරුත්වාකර්ෂනය ගනන් හදනවා.අම්මපා මේ නිව්ටන්ටත් ඕනේ නැති ලබ්බක් නෑ.කාලය හරහා යන්න පුළුවන් උනොත් නිව්ටන්ගේ කාලයට ගිහින් ඇපල් ගෙඩියක් වෙනුවට මන් දූරියන් ගෙඩියක් වට්ටනවා.එතකොට ඒක ඇනිලා මැරිලා යන්න ඇතෙයි.ඇරත් ඩොක්ටර් කෙනෙක් වෙන්න එහා ග්‍රහලෝකේ තියෙන ගුරුත්වාකර්ෂනය හොයන්නේ ලබ්බටද.මට මේ පිසික්ස් එක්ක තියෙන්නේ එසේ මෙසේ තරහක් නෙවෙයි ඇත්තටම.

ගනන් අස්සට එබිලා ඒකේ ඇල් බැහැලා හිටපු මට රූම් ඒකේ දොර ඇරනෙවද කියලාත් තිදස් මන් ලඟට ආවා කියලවත් නොතේරෙනකොට නහය කඩාගෙන ආපූ ලැවෙන්ඩ්‍රා සුවඳෙන් විතරක්ම මන් දැනගත්තා තිදස් ඇවිත් කියලා.ලැවෙන්ඩ්‍රා මික්ස් වෙච්ච රෝස් සුවඳ මගේ නාස් පුඩු හරහා යනවත් එක්කම මන් ඔලුව උස්සලා බලද්දි තිදස් මන් ගාවටම ඇවිත් තිබ්බා.උසට උසේ මන් දිහා තිදස් බලන් ඉද්දී මන් එයා දිහා බලලා හිනා උනා.තිරිසන් නර පනුවා!!!මන් හිනා උන එක ගානකටවත් නොගෙන තිදස් පුටුවක් අරන් ඇවිත් මන් ගාවින් ඇවිත් ඉදගද්දී මන් අහපවු ගනන් ටික හදන්න ගත්තා.මටෝන් නෑ මේ මිනිහා එක්ක කතා කරන්න.මාව කට්ට තනියම මේ රූම් එක ඇතුලේ තනි කරලා එනවා මෙතන දැන් ලඟට ඇවිත් වාඩි වේලා ඉන්න.නරපනුවා.

බොඳ මීදූම් ||𝐓𝐡𝐞 𝐁𝐥𝐮𝐫𝐫𝐞𝐝 𝐦𝐢𝐬𝐭Where stories live. Discover now