1.) කොටස 🌸

1.9K 108 15
                                    

Cherry blossoms එහෙම නැත්නම් චෙරි මල් ,හැමෝම දන්න විදියට සකුරා මල් වල තේරුම ඔයාල දන්නවද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Cherry blossoms එහෙම නැත්නම් චෙරි මල් ,හැමෝම දන්න විදියට සකුරා මල් වල තේරුම ඔයාල දන්නවද...?

ජීවිතය සහ මරණය, සුන්දරත්වය සහ ප්‍රචණ්ඩත්වය යන දෙකම සංකේතවත් කිරීම...

වසන්තයේ පැමිණීම නව ජීවිතයක් සදහා පොරොන්දු වීම ...

ජීව ශක්තියක් සහ ප්‍රබෝධමත් බවක් ගෙන ඒම...

ඒ වගේම අවසානම එක මන් කැමතිම තේරුම ,

ඔවුන්ගේ කෙටි ආයු කාලය ජීවිතයේ ක්ෂණික බව ,ජීවීතයේ කෙටි බව  , එහෙම නැත්තන් ජීවීතයේ යතාර්තය සිහිපත් කිරීම...

ඒ මොකද සකුරා පිපෙන්නේ අවුරුද්දටම එක කාලෙකදි විතරයි.. ඒ මාර්තු අග හා අප්‍රේල් මුල  මාස වල පමනයි.. ඉතින් ඒ ටික කාලෙදි එයාල එයාලගෙ උපරිමේම කරනවා.. මුලු ජපානයම ලස්සන පාටවලින් ලස්සන කරනවා.. ඇත්තටම සුරංගනා ලෝකයක් වගේ කරනවා..
අනේ ඉතින් මේ මොන දේ කලත් එයාල අවසානෙදි ආයෙත් ඉක්මනට පරවෙලා යනවා.. හරියට අපේ ජීවීත වගේ, ඉපදෙනවා, ජීවීතෙ විදිනවා හෝ විදෙව්වා හෝ ඉක්මනින් මැරිලා යනවා.. ඉතින් ඒක නෙමේද යතාර්තය...
සකුරා මල්  වලට මන් මෙච්චරම ආස ඒ නිසා..

මගේ ගෙදර කාමරේට එන හැමෝම කියන්නෙ පුන්චි ජපානේ කියල.. ඇයි ඉතින් බලන බලන හැම තැනම සකුරා මල් වලින් පිරිලා.. මන් කිව්වෙ චිත්‍ර , නැත්නම් ආකෘති ... මගෙ හැමදේකම වගේ චෙරි මල් කොහෙන් හරි ගෑවිලා තියනවා.. බිත්ති පුරා චිත්‍ර, පොත් පුරා රූප... ඇත්තටම මන් සකූරා පිස්සෙක් කිව්වොත් හරි....

මගේ ෆ්බි අකවුන්ට් එක ෆේක් එකක් උනත් , ඒකෙත් හැමතැනම සකූරා මල් ගැනම තමා.. ඒක නම් පිස්සුවක්... මන් මාරම ආස පිස්සුවක්...

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now