බ්‍ර .... ර්....බ්‍ර ... ර්....හා.....ම්.... කව්ද අප්පා මේ උදේ පාන්දර වද දෙන එකා....
මන් නිදිමතේම කොට්ටෙ යට තිබ්බ ෆෝන් එක ඇදල ගත්තා... ඇස් දෙකත් එහෙන් මෙහෙන් පිහදාල ස්ක්‍රීන් එක දිහා බැලුවා... අදීල් අයියා.... ඒපාර මොකෝ... උදේ ම...
මන් ආන්සර් කල...ගුඩ්මෝනින් , තාම නිදිද....
ම්න්... ගුඩ්මෝනින්..
වෙලාව නවයටත් කිට්ටුයි... නැගිටින්නැද්ද..
මන් කීයටද නැගිට්ටත් ඔයාට මොකෝ අන්‍රෙ... හදිස්සියකටද ගත්තේ...
නෑ...මන්...
එහෙනම් පස්සේ ගන්නකෝ... මන් දොයි... ගුඩ් නයිට්...
එයා කියන්න ගිය දේ අහන්නෙත් නැතුව මන් ෆෝන් එක කට් කරල දැම්මා... දාල ඔලුවෙ ඉදන් පොරවන් ආයෙ නිදාගත්තා...
ටොක්....ටොක්...ටොක්....
ආයිෂ්.... මන් නිදි උබල පලයල්ලා යන දිහාවක වද නොදී....
ඒ පාර දොරට ගහනවා, නිදාගන්න දෙන්නෙම නෑනෙ මේ ගස් බල්ලො දෙන්නත්... වද දෙනවා... අද විතරයි නිදාගන්න තියෙන්නෙත්... මන් උන් දෙන්නට බැන බැන කන් උඩින් කොට්ටෙකුත් තියන් ආයෙ ඇස් පියාගහ්තා ... දැන් ලෝකෙ පෙරලුනත් මන් නම් නැගිටින්නෑ...
ධීවාන්.... නැගිටින්නකෝ ....
අනේ ඉන්න දීල පලයල්ලකෝ....
ඒ පාර කාමරේ ඇතුලාම ඇවිත් රෙද්දෙන් අදිනව.... මොන කරදරයක්ද මේක... මන් රෙද්දත් හයියෙන්ම අල්ලන් කකුල්කින් කතා කරපු එකාට පයින් පාරක් ගැහුවා.. ගහල තවත් ගුලි උනා...
නැගිටිනවද , නැද්ද....
අනේ... ම්හුක්... පලකෝ....
ඇද්ද නේද රෙද්ද.... අයින් වෙනවකෝ... මන් ජොකා පිටින් ඉන්නේ ඕයි, ඉන්න දීලා පලයව්කෝ.... මන් ඇස් වහගෙනම ඇදල දාපු රෙද්ද කෝ කියල අතපත ගාල බැලුවා... දැන් කිසිම සද්දයක් නෑනෙ...රෙද්දත් නෑ....මන් හිමීට ඇස් ඇරල බැලුවා....
මොකක්.....අ..අදීල් අයියේ.....!!!
මන් කෑගහල එයාගෙ අතේ තිබ්බ ඇදල අරගත්තා, එයා දුවගෙන වගේ එලියට ගියා....