18.) කොටස 🌸

326 47 6
                                    

ආ...ම්ම්මේ.. ඉන්නවා ...ඉන්නවා ...

එහෙමද.. මන් මෙච්චර දවස් හිටිය, එයාව දක්කෙ නෑනේ...

එහෙම පේන්න එන්නෑ ඉතින්.. ඇස්වහ වැදුනොත් අනිත් අයගෙන්...

ම්ම්...

ඒක නෙමේ අභී...

ම්ම්..

ඔයා කිව්වෙ ඔයාටත් එක්කෙනෙක් ඉන්නවා කියල, ඒ කව්ද එතකොට ...

මෝඩය...

මටද මෝඩයා කිව්වෙ...

ම්ම්...

ඇයි එ...

මෝඩ නිසා...

කියන්නකෝ හලෝ... ඇත්තටම ඔයා මට ආදරෙයි කියන්න කලින් එකෙනෙක් හිටියද...

ම්ම්.... තාමත් ඉන්නවා...

ඈ.....

ම්ම්... දැනගන්න ඕනෙද කව්ද ඒ කියල...

මේක හරි වැඩක් උනානෙ.. මටත් ආදරෙයිලු.. කලින් කිව්ව කෙනත් ඉන්නවලූ... ඒ මොන හතරබීරී කතාවක්ද ඒ....

ඈ... අභී... ඇත්තටම කලින් කෙනා තාම ඉන්නවද..

ම්ම්... හැමදාටම ඉදීවී , මගෙ හදවතේ...

ඩ්‍රයිවින් කරන ගමන් හිටිය එයා මගෙ දිහා බලල හැමදාටම එයාගෙ හදවතේ ඉදීවී කියල , කට කොනෙන් හිනා වෙන ගමන් ඉස්සරහ බලාගත්තා...
මේක හරි කෙලියක්නේ.. එයා හදවතේ ඉන්නවා නම් මට මොකටද ආදරේ කරන්නේ... මාව විහිලුවක් වගේ පේනවද දන්නෑ...

මේ අදීල් අයියේ.. එයා එක්කම ඉන්නැතුව ඇයි මගෙ පස්සෙ එන්නේ...

දන්නෑ...

ඇත්තමයි දැන් නම් මට මේ මිනිහගෙ ඔලුව පලන්නමයි හිතෙන්නේ... දන්නෑලු... පව් ඒ කොල්ලවත් මෙයා රැවැට්ටුවද දන්නෑ... ඒත්  එදා කිව්වෙ කොහොමද, හිනා වෙන ඇස්ලු තියෙන්නේ... යැයි යැයි යැයි තමා... කවුරු කවුරුත් කියද්දි එහෙමයි, කරද්දි තමා අවසානෙදි මොකාවත් නැත්තේ... කොහොමද ඒ කරපු වර්ණනාව... මාව ඔහොම වර්ණනා කරනවද මන් අහන්නේ නෑනෙ... මට බනින එකමයි වැඩේ...නැත්තන් ඔලුව හිල් වෙන්න ටොකු අනිනවා...

මොකද ...

නිකන්... මේ පැත්තෙන් පිච්චෙන ගදක් ආව ඒකයි බැලුවෙ...

මොනා පිච්චෙන්නද... එලියෙ ගිනිගොඩක සැරක් වෙන්න ඇති...

නෑ හැබැයි, මිරිස් පිච්චෙන සැරක් ආවේ. මගෙ නහයත් දනවා...

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now