9.) කොටස 🌸

419 60 10
                                    

ධීවාන් මල්ලි....

ආ... මේ හේමාල් අය්යනේ...

මල්ලි මෙහෙ , බීම බොන්න ආවද...

ආ... ඔව් අයියේ...

තනියෙන්ම ආ...

නෑ එයා මාත් එක්ක ආවේ හේමාල්..

මන් මාව දාල ගියපු අදීල් අයිය පස්සෙන් ගියත් , එයාව නට හියා ගන්න බැරි උනා... ඒ එක්කම මට කතා කරේ හේමාල් අයියා...ඒත් එයා කතා කරද්දිම  කලබලෙන් වගේ අපි ඉන්න තැනට ආව අදීල් අයියා, මගෙ අතෙන් අල්ල එයා ආවෙ මාත් එක්ක කිව්වා... ඒත් එයාගෙ මූන තරහෙන් පිරිල කියල මට තේරුනා... ඔව් එයා ඉන්නෙ තරහෙන්...මාත් එක්කද, නැත්තන් හේමාල් එක්කද...

ආ ... අදීල්... ඒත් මන් බැලුවා කො කියල...මේ ඉන්නේ මෙයා...

එහෙනම් හේමාල් අපි යනවා...

ඉන්න.... අදීල් තාම මන් ධිවාන් එක්ක කතාව ඉවර නෑනෙ.... නේද ධීවාන්...

ඈ..... ආ ඔව් නේද... මොකක්ද හේමාල් අයියෙ  ඔයා කියන්න ගියෙ...

මල්ලි ගිටාර් වලට දක්ශයි කියල මට ආරංචි උනා....

එහෙම නෑ, ටිකක්...

හේමාල් අයියා යන්න ගියපු අපිව නවත්තගත්තා... ඒත් අදීල් මගෙ අත නම් අතෑරියේඑ නෑ.... මගෙ මූන දිහා තරහෙන් පුපුර පුපුර බලන් ඉන්නවා... මේ යකාට මොකක් වෙලාද මන්ද... එයාට රවලා, හේමාල් අයිය එක්ක කතා කරන්න ගත්තා...

මල්ලි කැමති නම් මියුසික් ගැන වැඩිපුර ඉගෙන ගන්න මට පුළුවන් උදව් කරන්න....

අනේ ඇත්තටම, ගොඩාක් ස්තුතී හේමාල් අයියෙ...ඔයත් මියුසික්ද කරන්නේ...

නෑ, මන් හිතන්නේ ධීවාන් තාම මන් ගැන හරියට දන්නෑ වගෙ.... එහෙම නෙ...

එයාට දැනගන්න ඕනෙත් නෑ හේමාල්... අපිට පරක්කු වෙනවා අපි යනවා... මෙහෙ එනවා යන්න.....

අපි යනවා හේමල් අයියේ, පස්සෙ ඔයත් එක්ක කතා කරන්න එන්නම්කෝ.........!

හේමාල් අයියා කියන්න ගිය දේ කියන්න දෙන්නැතුව එතනින් මාවත් ඇදගෙන ආවා... මන් කෑ ගහල හේමල් අයියට කිව්වා පස්සෙ කතා කරන්න එන්නම් කියල....

අදීල් අයියේ.....!

මොකද, නගිනවා වාහනේට...

ඩදාස්.....!!!!

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now