38.) කොටස 🌸

282 42 3
                                    


මේව රසයි අනේ..

ම්ම්..තව ඕනෙද...

එපා එපා ඇති... මේ.... අභි අපි අද රෑ කොහෙද ඉන්නෙ...

අපේ ගෙදර යමු.. අම්මත් ඔයාව බලන්න ආසවෙන් ඉන්නෙ....

එයා එක්කම ඇති තරම් නටල නටල මන් ආපහු වෙරල අයිනෙම බංකුවක ඉදගත්තා... අභී ගිහි ඉස්සො වඩෙයි , බීම එකකුයි අරන් ඇවිත් මට දුන්න...

වෙලාවෙ හැටියට මේව දිව්‍ය බෝජන වගේ තමා... දැන් හොදටම කලුවර වෙලා ... රෑ නමයටත් ලගයි... අවසානෙදි අපි දෙන්න වෙරලෙ තව ටිකක් අත් දෙක අල්ල ඇවිදල ආපහු වාහනේට ආවෙ එයාලගෙ ගෙදර යන්න බලාගෙන...

අනේ මේ ධීවාන් පුතා... අනේ කොල්ලෝ... කොහෙද අප්පා මෙච්චර කල් ගිහින් හිටියේ... නිකමටවත් මේ නැන්දව මතක උන්නැද්ද ආ...

අනේ පිස්සුද නැන්දේ... මට අමතක වෙනවද ඔයාව... ඔයා නම් මේ මාස ටිකට තවත් ලස්සන වෙලාද මන්ද...

මන් කෙසේ වෙතත් පුතා ඇදිල ගිහිල්ලනෙ ...මොකෝ මේ.... කෑවෙ නැද්ද හරියට...

ටිකක් වැඩ වැඩි උනානෙ... ඒකයි....

නැන්දත් තාම මන් එකපාරම අතුරුදහන් වෙන්න හේතුව දන්නෑ ... අභී නැන්දට හේතු කියල නැ... ඒක හොදයි...

ලොකු පුතා කෑම කන්න එන්න...

මේ එනවා අම්මේ... මල්ලි ආවද...

ඔව් ඔව්,, ඔයත් එන්න ඉක්මනට...

මන් මේ මොකක්ද මේ වෙන්නෙ කියල කට ඇරන් බලන් හිටියා... යකෝ මේ හැමදාම නැන්ද එක්ක කාගත්තු මිනිහ නේද... නැන්දට අම්මෙවත් කිව්වෙ නැති ශෙලීන් අයියා දැන් හොදින් කතා කරනවා... මන් අභිගෙන් රහසින් වගේ ඒ කොහොමද කියල ඇහුවා...

Oyage yaluwage daskam thama...

Appatasiri.. eka ithin mage ekane... katada adambara..😌

අභීගෙන් මට මැසේජ් එකක් එද්දි මාත් ආපස්සට රිප්ලයි යැව්වා.. යසියා එහ්‍ර්නම් ශෙලීන් අයියව හදල අරන්... මරු කොල්ලො මරු....

නැන්දගෙ කෑම නම් එදා වගේම රසයි...

පුතා විතරයි ඉතින් මගෙ කෑම රසයි කියන්න හරි ඉන්නෙ... මේ එක්කෙනෙක්වත් වචනයක් කියන්නෑනෙ... කෑව ගියා...

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now