16.) කොටස 🌸

343 51 5
                                    

අමාරුද..

ටිකක්..

එන්නකෝ, කෝ හිමීට... මේක බීල ඉන්න..

හ්ම්...

අදීල් අයියා මාව හිමීට කෙලින් කරල බෙහෙත් වගයක් බොන්න දුන්නා... ඇත්තටම එයා මන් ගැන ගොඩක් වදවෙනවා... එතකොට මේකටද ආදරේ කියන්නෙ... එයා ඇත්තටම මට ආදරෙයිද එතකොට ... මන් තාමත් අදීල් අයියා එදා කියපු දේ ගැන් හිතනවා... එයා මට ආදරෙයි කිව්වා.. ඒක නිකන්ම නිකන් වචනයක් නෙවෙයි... එයා ඒක මුලු හදවතිනමයි මට කිව්වෙ, මට ඒක දැනුනා...කිසිම තැනකදි ආදරයක් නොලබපු මට මේ දේවල් අලුත් උනා... මට මේව ආගන්තුකයි.. ඉතින් අදීල් අයිය කොච්චර කිව්වත් ඒ ගැන හිතන්න එපා කියල, මන් කොහොමද ඒ ගැන නොහිතා ඉන්නෙ...

මගෙ චෙරි මලට බඩගිනි නැද්ද...

ටිකක්..

එහෙනම් කාලම දොයියමුද..

හ්ම්... මේ කෑම කොහෙන්ද...

අම්මා එවල තිබ්බේ...

නැන්ද හරිම හොදයි නේද අභි...

ම්ම්...

එයා ඔතපු කෑම එකක් පිගානක තියල අරන් ආවා.. ඒක හිමීට ලිහල මට කවන්න ගත්තා...

අභි... මගෙ යාලුවන්ට...

එයාලටත් තියනවා... එයාල තාම ආවෙ නෑනෙ... ආපුහම කයි...

හ්ම්...

ඇත්තටම ඒ නැන්ද හරිම හොදයි.. අදීල් අයියගෙ කුඩම්මා උනාට, එයාට අම්මා වගේම කිසි වෙනසක් නැතුව එයා සලකනවා... සාමාන්‍යඑන් කුඩම්මලා එහෙම නෑනෙ, ඒත් අදීල් අයියගෙ අම්ම නම් හරිම හොදයි කියල දැක්ක දවසෙම මට තේරුනා...යසියයි, රුසියයි තාම නෑ, අද උන් එද්දි හවස් වෙයි, හවස් වෙනකන්ම මියුසික් තියෙනවනෙ... මේ ටිකේම මට කොච්චර ඒව මගඇරුනද... මෙහෙම ඉදල බෑ, හෙට ඉදන් වැඩ පටන් ගන්න ඕනෙ...

තව කටක් කන්න...

ඇති නේ... බඩ පිරිල අභි.. ඔයත් කන්නකෝ....

මන් කන්නම්.. බත් කටවල් කීයද ලමයෝ බඩට ගියේ... මේ කට විතරක් කන්න කෝ.... ආ ගාන්න...

ම්හුක්....

ධීවාන්.....

හරි හරි ඉතින්... ආ....

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now