chapter 02

127 11 28
                                    

ටේ ආවා කියලාවත් දන්නේ නැතුව කුකී අහස දිහා බලන් ලොකු කල්පනාවක.මේ දිහා විනාඩි කීපයක් බලන් හිටපු ටේ උගුර ටිකක් පෑදුවා.ඒ සද්දෙට ගැස්සුන කුකී හිමීට පිටිපස්ස හැරිලා බැලුවා .

ඔයා තාම නිදි නැද්ද.
________________________________________

ටේ එහෙම කියනකොට ජන්ග්කුක් බැලුවේ කාමරේ ඇතුලෙ තිබ්බ ඔරලෝසුව දිහා වෙලාව හරියටම 10යි.ඒක දැක්ක විතරයි කුකීගෙ ඇස් ගැස්සෙනාවා ටේ දැක්කා.

අනේ මන් ගොඩක් වෙලා මෙතන ඉදලනෙ.මන් ඉක්මනට නිදාගන්නම්.

තමන් අතින් වැරැද්දක් උනා වගේ බයෙන් එහෙම කියපු ජන්ග්කුක් ඉක්මනට හැරුනෙ ඇදට යන්න.ඒත් ටේ ඊට කලින් ජන්ග්කුක් ට කතා කලා.

ඔහොම ඉන්න.මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න ඕනේ.

ඉතින් ජන්ග්කුක් දැන් ටේ ඉස්සරහ හිටන් ඉන්නවා එය දිහා බලන් ඒත් ටේට තාම කතාව පටන් ගන්නෙ කොහෙන්ද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ.ඉතින් මේ දිහා බලන් හිටපු ජන්ග්කුක් ඉස්සෙල්ලම කතා කලා.

හියුන් .

ම්ම්

ඔයාගෙ නම මොකක්ද.

මගෙ නමද ට්.මොකක් තමුසෙ මගෙ නමවත් දන්නෙ නැතුවද මාව මැරි කලේ.🙁

ටේ කියන්න ගිය එකත් නවත්තලා පුදුමෙන් එහෙම ඇහුවා.ජන්ග්කුක් ඔව් කියන්න ඔලුව වැනුවා.ටේට දැන් ඇත්තටම තරහයි.මොකද එයා හිතුවෙ එයාගෙ සල්ලි නිසා තමයි කුකී එයාව මැරි කරන්න කැමති උනේ කියලා .ඒ තරහටම ටේ ජන්ග්කුක් ගෙ කම්මුල දෙපැත්තෙන් තද කරල අල්ල ගත්තා.ඒ අතට අහූවුන තමන්ගෙ කම්මුල් කොච්චර රිදුම් දුන්නද කියනවා නම් කුකීගෙ ඇස් දෙකට කදුලු පිරුනා ඒත් ඒ එක කදුලු බින්දුවක් වත් ඇහෙන් වැටුනෙ නම් නෑ.

මට හිතුනා තමුසෙ ඒවගේ එකෙක් වෙන්න ඇති කියලා .තමුසෙල වගේ උන් ගැන මන් හොදට දන්නවා.හොදට සල්ලි තියෙනවා නම් තමුසෙලා ඕන එකෙක්ට පැනලා දෙනවා නේද.ලැජ්ජයි යකෝ.මට කියනවා තමුසෙ මේ මැරේජ් එකට කැමති උනේ ඒක නිසා නේද.

ටේ කට කොනකට හිනා වෙන ගමන් තරහෙන් එහෙම ඇහුවා.

ම්ම් -මොකක් නිසාද හියුන්.

Mine Baby (Completed )Where stories live. Discover now