chapter 10

103 15 115
                                    

දෙයියනේ කූ.....

ඒ කටහඩට කොල්ලා ගැස්සුනා.මෙච්චර වෙලා සද්දෙන් පිටවෙන ඉකිය එලියට ඇහෙයි කියලා බයට කොල්ලා තමන්ගෙ අත හපාගෙන හිටියේ.අඩලම රතු වෙලා තියෙන ඇස් ජම්බු ගෙඩියක් වගේ වෙලා තියෙන නහය කදුලු වලටම පෙගිලා ගිය කම්මුල් ගොඩක් වෙලා කුකී අඩලා කියන්න සාක්ෂි දැරුවා.ටේට කුකීව දැක්කාම මොහොතකට කරන්න ඕනෙ දේත් අමතක උනා.නොහිතපු වෙලාවක ටේගෙ පැමිනීම නිසා කුකී මෙච්චර වෙලා අමාරුවෙන් අත හපාගෙන නවත්තන්න උත්සහ කරපු ඉකිය සද්දෙන්ම පිට උනා.ඒ සද්දෙත් එක්ක බය වෙලා වගේ කුකී දිහා බලන් හිටපු ටේහියොන් ඉක්මනට කුකී ලගට ආවා.ටේ කුකී ලගින් ඇදෙන් ඉදගද්දි කොල්ලා වැරැද්දක් කරා වගේ අකීකරුව තාමත් ඇස් වලින් ගලන කදුලු පිහදානවා.ටේට තමන් ගැනම ඇති උනේ තරහක් තමන් එච්චර නොහිතා උනත් කියපු දේට කුකීගෙ හිත ගොඩක් රිදිලා.ඒත් එක්කම එයාට මතක් උනේ එයා යුන්ගිට උන පොරොන්දුව එයාලා එනකන් කුකීගෙ ඇස් වලට කදුලක් නොදී පරිස්සමෙන් බලා ගන්නවා කියපු වචන ටික..

කූ...මන් දිහා බලන්න මැනික.
ටේ අත් දෙකෙන්ම පාත් කරන් ඉන්න කුකීගේ මූන අල්ලලා තමන්ගෙ දිහාට හැරෙව්වා.තාමත් කොල්ලට ඉකි ගැහෙනවා.ටේගෙ ඇස් වලටත් කදුලු ඇවිත්.

ෂ්...දැන් ඇති කූ.මට සමාවෙන්න මන් එහෙම දෙයක් කිව්වෙ හිතලා නෙවෙයි.මට එවෙලෙ ටිකක් තරහ ගියා ඒකයි.ඒ වචන ටික ඔයාට මෙච්චර දැනෙයි කියලා මන් හිතුවෙ නෑ.😔
දැන් අඩන එක නවත්තන්නකො හොද ලමයා වගේ.මන් ආස නෑ මිනිස්සුන්ගෙ කදුලු දකින්න.ඔයා අඩද්දි මගෙත් හිත රිදෙනවා.කෝ ඉක්මනට කදුලු පිහදගන්න.
ටේ එහෙම කියලා කුකීගෙ ඇහෙන් බේරුන කදුලු බිංදුවක් මහපට ඇගිල්ලෙන් පිහදුවා.දැන් කදුලු එන්නෙ නැති උනත් තාමත් කොල්ලා ඉකිගහනවා.ටේ හිමීට තව ටිකක් ලන් වෙලා කුකීගෙ ඔලුව එයාගෙ පපුවට හේත්තු කරගෙන හිමීට පිට අතගෑවා.එයා හිතුවේ එහෙම කරාම කුකීට සහනයක් දැනෙයි කියලා ඒත් ඒකෙන් උනේ කුකීගෙ ඇස්වලට අලුතෙන් කදුලු උනපු එක ටේට තමන්ගෙ පපුවෙන් සීතලක් දැනෙන නිසා එයා ඉක්මනට කුකීව ඈත් කරලා ඒ මූන දිහා බැලුවා.

කූ අනේ ඇයි දරුවො මේ.දැන් අඩන එක නවත්තන්නකෝ.ඔයා මාත් එක්ක තරහද.එහෙම තරහක් තියෙනවා නම් මට බනින්න මන් මුකුත් කියන්නෙ නෑ ඒත් දෙයියන්ගෙ නාමෙන් අඩන එක නවත්තන්න දරුවෝ....
ටේ හැඩුම් ස්වරයකින් එහෙම කියද්දි කුකී ඉක්මනට ටේ දිහා බලල තමන්ගෙ කදුලු පිහද ගත්තා.

Mine Baby (Completed )Where stories live. Discover now