chapter 03

95 13 56
                                    

ජන්ග්කුක් දැන් පැය ගානක් තිස්සෙ අස් කරනවා.එයා කොච්චර වෙලා එහෙම වැඩ කරාද දන්නෙ නෑ. ජන්ග්කුක් අන්තිම ට ඔක්කොම අස් කරල ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ටේ ලෑස්ති වෙලා පහලට ආවා.පහලට ආපු ගමන්ම ටේහියොන් ට මේ වෙනස තේරුනා.මුලු ගේම ඊයෙ තිබුනට වඩා පිරිසිදුයි පිලිවෙලයි.එයා හිමීට සද්ද නොකර ගිහින් කිචන් එකේ බැලුවා මුහ්ක් කවුරුත් පේන්න නෑ.ටේ හිතුවෙ අජුම්ම ඇවිත් කියලා.ඉතින් එයා අජුම්මට කතා කරන්ම සාලෙට ඔලුව දාලා බැලුවා.එතනත් අජුම්මගෙ හෙවනැල්ලක්වත් නෑ.ඒත් එක්කම ලයිබ්‍රි එක තියෙන පැත්තෙන් සද්දයක් ආපු නිසා එයා ඒ පැත්තට ඇවිදන් ගියා.සාමන්‍යයෙන් ටේ ඇරෙන්න වෙන කවුරුත් ටේගෙ ලයිබ්‍රි එකට එන්නෙ නෑ.අජුම්මා උනත් එකම එක පාරයි මේකට ඇවිත් තියෙන්නේ ඒකත් වැරදීමකින් .අජුම්මා මෙහෙ වැඩට ආපු පලවෙනි දවසෙ එයා ලයිබ්‍රි එකට ආවෙ ඒක අස් කරන්න ඒත් ටේ කිව්වෙ එයා ඇර වෙන කෙනෙක් මේකට එනවට ආස නෑ කියලා .එදා ඉදන් අජුම්මත් මේ ලයිබ්‍රි එකට ඇවිත් නෑ.ඉතින් එහෙනම් කවුද මේ ලයිබ්‍රි එකට ආපු අමුත්තා.ඔව් ඔව් ඒ ජන්ග්කුක් තමයි.කුකී ගෙදර ඔක්කොම අස් කරල ඉවර උනාට පස්සෙ මෙතනින් යනකොට නිකමට වගේ ලයිබ්‍රි එකේ දොර ඇරල බැලුවේ.හැබැයි ඒක ඇතුලෙ දැක්කට පස්සෙනම් කොල්ලට හැමදේම අමතක උනා.ජන්ග්කුක් කියන්නෙ පොත් වලට ගොඩක් ආදරේ කෙනෙක් ටේ වගේම.කුකීගෙ ගෙදරත් මේ තරම්ම නැති උනත් සාමාන්‍ය ප්‍රමාණයේ ලයිබ්‍රි එකක් තිබුනා.ජන්ග්කුක් ට නිදහසක් ලැබෙන හැම වෙලාවෙම එයා හිටියෙ ඒ ලයිබ්‍රි ඒකෙ.ටේ සද්දයක් නැති වෙන්න දොර ඇරගෙන ඇතුලට ආවා.හැබැයි එයාට එහෙම සද්ද නැතුව ඉස්සරහට තියන්න පුළුවන් උනේ එක අඩියයි.තප්පර ගානකින් විසාල සද්දයක් එක්ක මොකක් හරි දෙයක් පොලව සිප ගත්තා.

ආව් #ත්ත.මොන #කයද යකෝ මේ ලබ්බ මෙතන හරහට ගැහුවේ.

ඔව් මිත්‍රවරුනි ඒ අපේ කිම් ටේහියොන් තමයි.😂කුකී ලයිබ්‍රි එක ඇතුලට අඩිය තිබ්බ ගමන් එයාට අතේ තිබ්බ කොස්සත් අමතක උනා.ඒකත් එතනම දාලයි කොල්ල ගියේ.ඉතින් ටේ ඇතුලට ආපු ගමන් අර කොස්සෙ පැටලිලා වැටුනා.වැටුන පාර සැර වැඩි කමට කොල්ලගෙ ඇස් දෙකට කදුලුත් ඇවිත්.එක දිගට කුණුහරුප පේලියක් කියන් කෑ ගහන ටේගෙ සද්දෙට මෙච්චර වෙලා පොතක් ඇතුලෙ අතරමන් වෙලා හිටිය කුකී මේ ලෝකෙට ආවා.එයා ඉක්මනට ටේ ඉන්න පැත්තට දුවන් ආවත් එක පාරට කකුල පැටලුනා.

Mine Baby (Completed )Where stories live. Discover now