Chapter 14

110 14 162
                                    

ටේ කුකීගෙ රූම් එකට තට්ටු කරන්නෙත් නැතුවම ගියේ දොර ඇරලා තිබුන නිසයි ඒත් එකපාරට සද්දයක්වත් නැතුව කාමරේට කඩගෙන බිදගෙන ආපු ටේ නිසා කුකී නම් ගැස්සුනා ඒත් ටේ නම් කටත් ඇරන් කුකී දිහා බලන් ඉන්නවා.ටේ එයා දිහා බලන් ඉන්න විදිහ නිසා විනාඩියක් යන්න කලින් කොල්ලා රතු උනා.තමන්ගෙ කම්මුල් රත් වෙනවා දැනුන නිසාම කුකී යටි තොලත් හපන් බිම බලා ගත්තා.ඒත් ටේට නම් ඒක ගානක් නෑ එයා තාමත් කට ඇරන් කුකීගෙ උඩ ඉදන් පහලට ස්කෑන් කරනවා.

පාපා මට ලැජ්ජයිනේ...
ටේගේ ඒ බැල්ම දරාගන්න බැරිම තැන කොල්ලා එහෙම කිව්වා.ඔන්න එවෙලෙ තමයි ටේහියොන් හරි සිහියට ආවේ.

අහ් මොකද්ද

ඔයා ඔහොම බලද්දි මට ලැජ්ජයිනෙ ටේ ටේ.

ඔහ්.හි හී සොරි කූ
කුකී ලැජ්ජාවෙන් එහෙම කිව්වාම මේ පාර රතු උනේ ටේ කුකී කියනකොටයි එයාට මීටර් උනේ මෙච්චර වෙලා තමන් කන්න වගේ කුකී දිහා බලන් හිටපු වග.එයා බෙල්ල පිටිපස්ස කස කස කුකීට හෙන මෝඩ හිනාවක් දුන්නා.

අහ් මේ කොහෙන්ද ඔයාට මේ ඇදුම .මන් ඔයාට ඔහොම එකක් අරන් දුන්නේ නෑනෙ.කවුද දුන්නේ කවද්ද දුන්නේ කොහෙදිද දුන්නේ...

කුකී කියපු දේට හිනාවෙවී හිටිය ටේ එක පාරට හිනාව නවත්තලා මේ වෙලාවෙ එයාගෙ ඔලුවට ආපු ප්‍රශ්න ඔක්කොම එක දිගට අහගෙන ගියා ඒක අහපු විදිහට ඒ ටික මොලේට ප්‍රොසෙස් වෙනකන් කුකී ටේ දිහා බලන් හිටියේ කටත් ඇරන්.ඇදුම🤔 ඔව් ඔව් ටේ කාමරේට යද්දි කුකී හිටියේ කන්නාඩිය ඉස්සරහ ලොකු වැඩක.ඒ එයාට හම්බුන ඇදුමක් ඇදලා ඒකෙ හැඩ බල බල ඒත් ඇත්තටම හැඩ බල බල ද හිටියේ.....

ඔහ් හියුන් එක ප්‍රශ්නයක් අහල ඉන්නකෝ...ඔක්කොම එක පාර ඇහුවම කොහොමද අනේ උත්තර දෙන්නේ.

අහ්.හරි එහෙනම් කියන්නකො කොහෙන්ද ඔය ඇදුම.
ඒ පාර ටේ ඉවසීමෙන් ඇහුවම කුකී අර එයා ලග තියෙන බනී හිනාව දැම්මා.ඔන්න ඉතින් දැන් මේ අහිංසක මාමාගෙ හදවතට තමයි පිස්සු හැදෙන්නේ.ටේ එහෙම්ම කුකීගෙ ඇදෙන් වාඩි උනා.

හරි හරි ඔච්චර හිනා නොවී කියන්නකෝ කවුද මේ පොඩි එකාට මේ වගේ සෙක් අම් ඇදුමක් දීපු එකා කියලා.

Mine Baby (Completed )Where stories live. Discover now