Chapter 15

99 11 90
                                    

කූ ඔයා ලෑස්ති වෙලා ඉවරද දරුවෝ

ටේ එහෙම අහගෙන ම කුකීගේ කාමරේට ගියා.එයා එනකොටත් කන්නාඩිය ඉස්සරහට වෙලා එයාගෙම මූන දිහා බලන් කොල්ලා කල්පනාවක ඒ නිසා ටේ එයාට කතා කරපු එකවත් ඇහුනෙ නෑ.ටේ හිමීට කුකී ලගට ගිහින් කුකීගේ උරහිසකින් අත තියනකොට කොල්ලා ගැස්සිලා ගියා.ටේ කුකීගේ උරහිස් දෙකෙන් අල්ලලා එයාව තමන්ගෙ පැත්තට හරව ගත්තා.

කූ ඇයි මේ දරුවෝ.මොකද මේ මූනත් සුදුමැලි වෙලා ඔයාට අසනීපයක් අමාරුවක් මොකක් හරි තියෙනවද.
කුකීගෙ සුදුමැලි වෙලා තියෙන මූන දිහා බලන් ටේ ඇහුවේ කුකීගේ නලලට බෙල්ලට අත තියලා බලන ගමන්.

අනේ නෑ පපා.
ටේ එහෙම කලබල වෙලා ඉන්න නිසා කුකී එහෙම කිව්වා.

එහෙනම් ඇයි මේ දරුවෝ .

මට බයයිනේ ටේටේ.

කුකී අඩන්න වගේ එහෙම කියද්දී ටේට තේරුනේ කුකීගෙ ප්‍රශ්නේ එයා මේ ඕක කියන කීවෙනි පාරද කියලා ටේට මතක නෑ.මේ කොල්ලා මේ බය වෙලා ඉන්නේ අද කම්පිටිශන් එක ගැන.මේ දවස් ටිකේම කුකී ඇකඩමි එකට ගියා එයා දැන් ඕනවටත් වඩා හොදට ඒයාගෙ ඉදිරිපත් කිරීමට හොදට ප්‍රැක්ටිස් වෙලා තියෙන්නේ කොටින්ම කියනවා නම් ටේටත් දැන් ඒ සිංදු ටික පාඩම්.මොකද මේ ටිකේම ටේ ඔෆිස් එකෙන් කලින් ඇවිත් කුකී ප්‍රැක්ටිස් වෙනවා බලන් හිටියා.කොච්චර හොදට පුළුවන් උනත් මේ කුකීගෙ පලවෙනි පාර මෙහෙම දෙයක් කරන මීට කලින් මේ විදිහට දෙනෝදාහක් අතරේ ස්ටේජ් එහෙකට නැග්ගනම් නැග්ගේ ස්කූල් එකේ ප්‍රයිස් ගිවින් එක දවසට විතරයි.ඒ ඇරෙන්න මේ වගේ දේකට කවදාවත් කුකී ඉදලා නෑ.කොච්චර ආස උනත් එයාට ඒකට අවස්තාවක් තිබුනෙ නෑ.ඉතින් අද කම්පිටිශන් එකේදි මිනිස්සු ගොඩක් ඉස්සරහ එයාගේ හැකියාවන් පෙන්නන්න අවස්තාවක් ලැබිලා තිබුනත් එයා බය උනා .ටේ ඊයෙ ඇකඩමි එකේ ඉදන් ගෙදර එනකන්ම කුකීගෙ හිත හැදුවා.එයාට බය වෙන්න දෙයක් නෑ කියලා.දැනුත් මේ ටේ ආවේ ඇකඩමි එකට යන්න කුකී ලෑස්තිද බලන්න.ටේ නම් ලෑස්තියි එයා අද ගොඩක් කඩවසම්.කුකී බයයි කියලා කිව්වට පස්සේ ටේ ආදරෙන් කුකීගෙ ඔලුව අත ගෑවා.

කූ මේ අහන්නකො දරුවෝ මන් මොකද්ද ඊයෙ කිව්වේ.ඔයා කිසිම දේකට බය වෙන්න එපා.ඔයා හොදට සින්ග් කරනවා ඊයේ හොබී හියුනුත් කිව්වනෙ.මට විශ්වාසයි අද මේකෙන් දිනන්නෙ නම් මගෙ හා පැටියා තමයි.ඒ නිසා බය නිවී ඉන්න.

Mine Baby (Completed )Where stories live. Discover now