Chapter 22

130 9 42
                                    

ඊලග දවසේ උදේ ඔලුවට දැනෙන බර ගතියත් එක්ක ගම්ගාලා වගේ ඇලවිලා තිබ්බ ඇහි පිහාටු අමාරුවෙන් ඇරපු ටේට ඉස්සෙල්ලම පෙනුනෙ තාමත් අදුරෙ තියෙන කාමරේ සිවිලිමයි.රිදෙන ඔලුවත් අල්ලගෙන හිමින් කෙලින් වෙලා හෙඩ් බෝඩ් එකට හේත්තු උන ටේගෙ ඇස් උඩ ගියේ එයාගෙ එහා පැත්තෙ සන්සුන්ව ඇස් පියන් ඉන්න කුකීව දැකලා ඒත් එක්කම තමන්ගෙ ඇගේ එක ඇදුමක්වත් නෑ කියලා දැක්ක ටේ විදුලි වේගෙන් ඇදෙන් බිමට පැන්නෙ ඊයේ උනේ මොකද්ද කියලා මතක් කරන ගමන් මොනා උනත් තමන් අතින් ලොකු වැරැද්දක් වෙලා කියලා නම් ටේට විශ්වාසයි.ඉක්මනට ක්ලෝසෙට් එකෙන් ශෝර්ට් එකක් අරන් ඇදගත්ත ටේ වෙව්ලන කකුල් වලින් ඇද ලගට ලන් උනේ ඩුවට් එකෙන් වැහිලා ඔලුව විතරක් පේන කුකීගෙ ඩුවට් එක අයින් කරන්න හිතාගෙන.ටේ ප්‍රාර්ථනා කලේ එයා හිතුව දේ නම් වෙලා තියෙන්න එපා කියලා උනත් එයාගෙ හිත දැනටමත් ඇත්ත පිලිඅරගෙන ඉවරයි.සීතල වෙලා වෙව්ලන අත් වලින් ටේ කුකීගෙ ඩුවට් එක ඇදලා දැම්මේ ඒ සැනින් ටේ කකුල් පන නැතුව එතනම බිම ඉන්ද වෙද්දි .ඒ කිරිපාට ඇග පුරාම දම්පාටින් රතුපාටින් හැඩවෙලා තිබ්බෙ හරියට ලස්සන චිත්‍රයක් වගේ .ඒත් ටේට මේ වෙලාවෙ ඒ දේවල් විදින්න තරම් මානසිකත්වයක් තිබ්බෙ නෑ.එයාට හිතුනේ තමන්ගෙ අතින් කුකී රේප් උනා වගේ හැගීමක්.ටේට එකින් එක කලින් දවසේ මතක මතකෙට එද්දි එයා එහෙම්ම තමන්ගෙ කොන්ඩේ ඇද ගන්න ගමන් කෑ ගැහුවේ තමන් ගැනම කේන්තියෙන්.ඒත් එක පාරට මතක් උන දෙයක් නිසා ටේ ඉක්මනට නැගිටලා කුකී ලගට කිට්ටු කරලා ඒ නලලට අත තියලා බැලුවා.කොල්ලගෙ ඇග ගිනි කබල වගේ රස්නෙයි.ඒත් කුකීගෙන් කිසිම සද්දයක් නෑ.කොල්ලා හිමින් හුස්ම ගන්න එක හැරුන කොට ඒ ඇගේ පොඩිම හෙලවීමක් වත් නෑ.ටේ ඉක්මනට ෆෝන් එක අතට ගත්තේ මේ වෙලේ කාට කතා කරන්නද කියලා හිතාගන්න බැරුව.ටේගෙ ඔලුවට ආපු එකම කෙනා සෝහා වෙද්දි  ටේ දෙපාරක් ම කෝල් කරත් සෝහගෙ නම්බර් එක වැඩ කලේ නෑ. බැරිම තැන ටේ මැසේජ් එකක් දැම්මෙ කුකීට ප්‍රශ්නයක් වෙලා පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද කියලා ඒ මැසේජ් එක සීන් වෙලා අනිත් අතට සෝහ කෝල් එකක් ගත්තේ ටේ දුක අනුකම්පාව පිරුන හිනාවකින් ඒ දිහා බලලා කෝල් එක ආන්සර් කරද්දි.

Mine Baby (Completed )Where stories live. Discover now